(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශගතව මෑතකදී පැමිණි පුද්ගලයෙකු උපක්‍රමශීලීව කරදියාන කුනු කන්ද අසලට රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් ඇතුළු දේපළ කොල්ල කෑ කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි

එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 70,000 ක මුදලක් ජංගම දුරකථනයක් අව් කණ්ණාඩි යුගලක්, හදුනුම්පත , බැංකු කාඩ් පත ආදී ලිපිලේඛන රැසක් කොල්ලකා තිබූ බව  එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ

විදේශගතව පැමිණීමෙන් අනතුරුව පැමිණිලිකරු මුදලට අලෙවි වන කාන්තාවක් සමග   අවස්ථා  දෙකකදී සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පැමිණිලි කරුගේ ආරාධනාව මත පැමිණ තිබූ සැකකාර කාන්තාව ඇයගේ මිතුරියක් කරදියාන ප්රකදේශයේ සිටින බවට දැනුම් දී ඇයත් මෝටර් රථයේ නංවාගෙන යමු යැයි යෝජනා කර ඇති අතර  එම යෝජනාවට අවනතව තිබූ පැමිණිලිකරු
කරදියාන කුනු කන්ද ප්‍ර දේශයට සිය මෝටර් රථය පදවා ඇතැයි පොලිසිය කියයි

එම ප්රනදේශයේ දී නතර කර තිබූ තී රෝද රථයක් පෙන්වා එහි සිය මිතුරිය සිටින බව පවසා  ඒ ආසන්නයේ මෝටර් රථය නතර කරන ලෙස කාන්තාව  පැමිණිලිකරුට පවසා තිබිණි

ඒ අසල මෝටර් රථය නතර කිරීමත් සමගම එයින් බැස ආ පුද්ගලයන් දෙදෙනෙක් පැමිණිලිකරුට පහර දී මුදල් ඇතුළු දේපල කොල්ලකා තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු බොරලැස්ගමුව වේරහැර වත්ත පදිංචිකරුවන් ය

තවත් කීපදෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය

ගල්කිස්ස කොට්ඨාස  බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරී ජනක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති  ප්ර ධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩෝ  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ්  හෙට්ටිආරච්චි මහත්වරු පරීක්ෂණ පවත්වති .