IMG-LOGO

කරදියාන කුණු කන්ද ළගට එක්ක ගිහින් සුද්දයක් දීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශගතව මෑතකදී පැමිණි පුද්ගලයෙකු උපක්‍රමශීලීව කරදියාන කුනු කන්ද අසලට රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් ඇතුළු දේපළ කොල්ල කෑ කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි

එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 70,000 ක මුදලක් ජංගම දුරකථනයක් අව් කණ්ණාඩි යුගලක්, හදුනුම්පත , බැංකු කාඩ් පත ආදී ලිපිලේඛන රැසක් කොල්ලකා තිබූ බව  එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ

විදේශගතව පැමිණීමෙන් අනතුරුව පැමිණිලිකරු මුදලට අලෙවි වන කාන්තාවක් සමග   අවස්ථා  දෙකකදී සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පැමිණිලි කරුගේ ආරාධනාව මත පැමිණ තිබූ සැකකාර කාන්තාව ඇයගේ මිතුරියක් කරදියාන ප්රකදේශයේ සිටින බවට දැනුම් දී ඇයත් මෝටර් රථයේ නංවාගෙන යමු යැයි යෝජනා කර ඇති අතර  එම යෝජනාවට අවනතව තිබූ පැමිණිලිකරු
කරදියාන කුනු කන්ද ප්‍ර දේශයට සිය මෝටර් රථය පදවා ඇතැයි පොලිසිය කියයි

එම ප්රනදේශයේ දී නතර කර තිබූ තී රෝද රථයක් පෙන්වා එහි සිය මිතුරිය සිටින බව පවසා  ඒ ආසන්නයේ මෝටර් රථය නතර කරන ලෙස කාන්තාව  පැමිණිලිකරුට පවසා තිබිණි

ඒ අසල මෝටර් රථය නතර කිරීමත් සමගම එයින් බැස ආ පුද්ගලයන් දෙදෙනෙක් පැමිණිලිකරුට පහර දී මුදල් ඇතුළු දේපල කොල්ලකා තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු බොරලැස්ගමුව වේරහැර වත්ත පදිංචිකරුවන් ය

තවත් කීපදෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය

ගල්කිස්ස කොට්ඨාස  බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරී ජනක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති  ප්ර ධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩෝ  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ්  හෙට්ටිආරච්චි මහත්වරු පරීක්ෂණ පවත්වති .



අදහස් (2)

කරදියාන කුණු කන්ද ළගට එක්ක ගිහින් සුද්දයක් දීලා

නන්දන පනා-මිලානෝ Friday, 10 March 2023 12:07 AM

ඉතාලි ඉදලා ලංකාවට ගිය රංජිත් පිටිගල අයියටලු වුනේ මේ ඇබැද්දිය.

:       1       5

නිහාල් Friday, 10 March 2023 09:59 AM

එන්න අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමු...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1317 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site