(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් හා අමතර වගකීම් ලබාදීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි වළක්වා නොගත් පොලිස් නිලධාරීන් පිළිබඳ සත්‍ය යටපත් කරමින්, දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් ඉහළ තනතුරුවලට පත්කරගැනීමේ ව්‍යායාමයක් ගැන අසන්න ලැබෙන බවත්, එවැනි පියවරයන් ගතහොත් කතෝලික සභාව ඊට විරෝධය පළ කරන බවත් පියතුමන් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම මහා අපරාධයක් වන අතර, එවැනි පුද්ගලයන් පොලිස්පති හෝ වෙනත් තනතුරුවලට පත්කරනවා නම් එය අහිමි වූ අහිංසක ජීවිතවලට හිනාවීමක් බව ද පියතුමෝ පැවසූහ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිෂන් සභා තුනක වාර්තා මේ වන විට එළිදැක්වී ඇති බවත්, ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් සහ කටාන පොලිස් ස්ථානාධිපති චමින්ද නවරත්න යන අයට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බව නිර්දේශ කර ඇතැයි ද පියතුමන් කීවේය.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතත් පොලිස්පතිවරයා එම ලිපි ලැබුණු බවටවත් පිළිතුරක් හෝ එවා නැතැයි ද පියතුමා පැවසීය.
ඒ වෙනුවට කර ඇත්තේ ඔවුන්ට උසස්වීම් සහ අමතර වගකීම් පැවරීම බවත්, පාස්කු ප්‍රහාරයට වසර 4ක් ගතවුවත් ඒ පිටුපස ඇති සත්‍ය තාම හෙළිදරව් වී නැති බවත් සිරිල් ගාමිණී පියතුමා කීවේය.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ජනාධිපති කොමිෂන් සභාව සඳහා නවකෝටි දහතුන් ලක්‍ෂයකට වැඩි වියදමක් දරා ඇති අතර, එහි නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මහජන මුදල් නාස්තියක් බව ද පියතුමා කීවේය.
මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් නිකුත් කළ නිවේදනයක් ද පියතුමන් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය කුමන බාධා පැමිණියත් අත්අරින්නේ නැතැයි එහි දැක්වේ.
එමෙන්ම ජනතාවට තමන්ගේ මතය, ස්ථාවරය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රධානම අවස්ථාව මැතිවරණය බැවින් මැතිවරණ කල්නොදා පැවැත්වීම අතශාවශ්‍ය බව ද පියතුමන් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගන්න මුදල් ආධාර දුන්න අය වැරැද්දක් නෑ කියලා ඔයාලා කියනවා. උන්ට දේශපාලන රැකවරනය දුන්න අන්තවාදී මුස්ලිම් නායකයො ගැන කටේ කෙල බිඳක් හෙලන්නේ නෑ. උන්ගෙ අප්ප ඡන්දෙ ඉල්ලපු ජෙපි පක්ශෙත් අව්ලක් නෑ. උන්ව අරගලේදී ඉඹිනවත් එක්ක. ඒව හොඳ නම් පොලීසිය එක්ක විතරක් ඇයි තරහ. අනිවාර්යෙන්ම ලැබෙන්න තියෙන සියලුම උසස්වීම් උන්ට දෙන්න ඕන.
ආණ්ඩුවේ දේශපාලුවන්ගේ ජඩ කොන්ත්‍රාත් කරන පොලිසියේ එවුන්ට උසස්වීම් දෙන්නේ නැතුව බැහැ නේ
දෙවියන් වහන්සේටත් නවතා ගන්න බැරිඋන පාස්කු ප්‍රහාරය පොලිස් උන්දැලා කොහොම නවත්වන්නද පාදිලි උන්නැහේ? පාස්කු ප්‍රහාරය පොලිස් උන්දැලාගේ උසස් වීම මෙසියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිද්ද උන දේවල්. පොලිස් උන්දැලා කොච්චිකඩේ පල්ලිය ඇවිත් දනගහගෙන දෙවියන්ගෙන් ඉල්ලුවා උසස්වීම් ලබා දෙන්න කියලා. දෙවියෝ ඒ ඉල්ලීම් ඉෂ්ටකලා.
ඕකට පාස්කු ප්‍රහාරය කියන්න එපා. ශ්‍රී ලංකා කාලකන්නි පාර්ලිමේන්තුව දැනුවත්ව කරන ලද මහා මිනිස් සංහාරය කියන්න. මීට බෞද්ධ ජනතාව.
ආනේ. ඔයාව අපිට මතක් වුනා ලඟදි. ඩොලර් එවන්න එපා කියන්න පුදුම මහන්සියක්නේ ඔයා ගත්තේ සිරිල්. ඒක නෙමේ ඩොලර් නැති නිසා බේත්, කෑම නැතුව රටේ මිනිස්සු මලත් ඩොලර් එව්වෙ නැති වුනාට කමක් නෑද.
ඔබගේ ඔය ප්‍රකාශය හරියන්න නම් ඔබ පොලිස් කොමිසමේ සභාපති වෙන්න.. අපි කවුරුත් කතෝලික දහමට ගරුකරනවා. අර්නස්ට් පෝරුතොට, මර්සිලින් ජයකොඩි වගේ පියතුමන්ලා වගේ ඉන්න.