(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ප්‍රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වැටුප් හා වේතන ගෙවීම,විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි හා සහන සැපයීම්,වැඩිහිටි මූල්‍ය ආධාර,වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දැමිය හැකිදැයි විමසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂය කියන්නේ මේ වියදම් කපා ඡන්දය පවත්වන්න කියා දැයි ඇසීය.
අයවැයෙන් ඡන්දයට බිලියන දහයක් අනුමත වී තිබෙන අතර එය දෙන්නේ නැත්තේ ඇයි දැයි අහන බවත් අයවැය ලේඛනයක් යනු හැමවිටම උපකල්පන වන අතර මෙච්චරක් ආදායමක් ලැබෙන විට මෙච්චර වියදම් කරනවා වැනි උපකල්පන අයවැය ලේඛනයේ සඳහන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සංකෝචනය වූ ආර්ථිකයක එම උපකල්පන හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව පරදින නිසා කියලා කිව්වා නම් ඉවරයිනේ...
ඇමැතිවරුන්ගේ වියදම් කොමිස් මුදල් හොරා කෑම්...
අනේ සියඹලා ටික්කෝ අර සීනි, පොල්තෙල් බදු වංචා මුදල් ටික කී සැරයක් ඔහෙට මතක් කළාද? ඒකට විතරක් නීතිය පණ මදි කියකියා ඉන්නේ නැතුව අද හෙටවත් පනතක් සම්මත කරලා ඔය හොරා කාපු බදු මුදල් ටික අය කර ගන්නේ නැත්තේ මොන කරුමයක් නිසාද? එදා ඕගොල්ලන්ගේ ඡන්දෙට ඒ උදවිය සල්ලි දුන්නා කියලා ඔවුන්ව බේරන එක වැරදියි නේද?
ඔය කරන්න බැරි මගුල් ආණ්ඩුව ඇයි එහෙනම් කරගන්නේ. දීපල්ලා පුළුවං අයට කරන්න...
මේ අය හොඳයි, කුඹුරුවල පඹයන්ට හිටවන්න.. කාලකණ්ණි.
හරකා පොල් පැලේ කන්නයි යන්නේ...
අනුර පෝස්ටර් ගහන සල්ලි වලින් ටිකක් ඉල්ලන්න. ඒව අයවැය හදල අපේක්ෂා කරන බදු ආදායම හා සත්‍ය බදු ආදායම කියද වගේ සංකීර්ණ නෑ. නිකන් ඉන්නකොට කැටේට වැටෙන එව්ව. මොකෝ රස්සාවක් කරල හම්බකරපුවැය.
ඔය හැම දෙයක්ම තියෙද්දී නැති නිදහසක් සමරන්න ලක්ෂ ගානක් වියදම් කරන්නත් , ජනරජ පෙරහැරක් කරන්නත් ප්‍රමුඛතාව උනේ කොහොමද ?
ඔයාට මෙච්චර රටේ ආර්ථිකය ගැන අනුකම්පාවක් තියනවා නම්, ඇයි ඔයා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙලා, නැවතත් ඊළඟ දවස පාර්ලිමේන්තුව ඔයා වෙනුවෙන් රැස්කරලා, නවත්වා එම ධුරයට පත් වුනේ... මේක මහජන මුදල් කරන්න වැඩක් නේද? මේ වැඩකට නැති වැඩ නිසා, ආර්ථිකයට පහරක් නොවේද?
තොපිට ජනතාව එලෝ එලෝ ගහන්නේ
මෙයා දැන් ආර්ථිකය දන්නා ඔස්තාර් වගේ කතා කරන්නේ. බලන්න එපැයි TV වොයිස් කට් දෙනකොට මුහුණේ පේන්නේ ලන්ඩන් ඩබල් ඩිග්රි ගහලා වගේ. මෙහෙ මිනිස්සුන්ට උහුලන්න බැරි බදු ගහලා කනවා නෙමෙයි ලෙවකනවා. මේ හොර තක්කඩින්ට කරන්න ඕනෑ දෙය ළඟදීම රටේ ජනතාව තීරණය කරයි.