(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද වන විට රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර පිළිකා ,හෘද රෝග, අධික රුධිර පීඩනය,දියවැඩියා ,අක්මා රෝග ආදී ජීවිත බේරාගන්න ඖෂධ වල බරපතළ හිඟයක් රෝහල පද්ධතියේ තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.
අත්‍යවශ්‍ය ජීවිත බේරාගන්නා උපකරණ වලත් බරපතළ හිඟයක් මේ වන විට තිබෙන බවද මේ වන විට රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟය බරපතල තත්වයක තිබෙන අතර වැදගත් සැත්කම් ගණනාවක් කල් ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් විතරයි ඒ විදිහෙ සේවයක් මේ රටට කරන්නෙ, නමුත් මේ රටේ සමහරු සජිත්ට හරියට අපහාස කරනවා, එදා මිනිස්සු ගෝට වෙනුවට සජිත් දිනෙව්වනම් මේ තරම් පීඩනයක් නැහැ ජනතාවට.
ජේවීපී එකටත් පුළුවන් නේද අර පෝස්ටර් වලට වියදම් කරන සල්ලි වලින් කොටසක් මේ දේවල් වලට දෙන්න. පාරවල් වල අනුර ඔබ අමතයි කියල ගහන පෝස්ටරේ දැන් අනුරට වැඩිය උසයි.
ප්ලැකනිල්...