(සුමිත් පොතුපිටිය)

නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි

පානදුර, ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව ඇති අතර ඇය මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පානදුර ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන මෙම තරුණය සේවය  නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇත.

ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දූෂණයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, අතවර සිදුකළ පුද්ගලයන් නැවත දුටුව හොත් හදුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.