(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහ ලේකම්වරයා වන දහම් විමලසේන මහතා අද (09) අභාවප්‍රාප්ත විය.
එක්සත් ජාතික පක්ෂය 1977 දී බලයට පත් වන විට එජාප මහ ලේකම් ධුරය දැරුවේ දහම් විමලසේන මහතාය.
2001 වසරේදී කෙටි කලකට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ විමලසේන මහතා හැත්තෑව දශකයේ අගභාගයේ සිට වසර නවයක් පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙකු වූ විමලසේන මහතා අසූව දශකයේදී ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCSCSL) සභාපතිවරයා ලෙස කටයුතු කරන විට එහි උප සභාපතිවරයකු ලෙසද විමලසේන මහතා කටයුතු කළේය.
විමලසේන මහතා 1990 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ බාරකරු බවට පත් වූ අතර 2004-2013 දක්වා එහි සභාපතිවරයා විය.
විමලසේන මහතාගේ දේහය කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10) හවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි නියමුවා, තෙල් සංස්ථාවට පක්ෂයේ මිනිස්සු පුරවා සේවක අතිරික්තයක් ඇතිකරන තැනට වැඩ හදපු.. ඒ ක්‍රමවේදය ඉන්පසුවට පැමිණි සියලුම රජයන් විසින් අනුගමනය කෙරුවා.. 77 දී සෞඛ්‍ය, ගමනාගමන, මහවැලි, සහ තවත් රජයේ ආයතනවලට ඒ ආදර්ශය ලබාගනිමින් රාජ්‍ය ආයතන පහළට වැටුණා... සුබ ගමන්...!
අසූව දශකයේ මැද භාගයේ උපන් මා දේශපාලන සාක්ෂරතාව හැදෑරීම තුළ මෙම දේශපාලන චරිතය පිළිබඳ හැදෑරීමේදී වැටහි ගිය කරුණක් වූයේ තිරය පිටුපස දේශපාලන නායකත්වය හා ක්‍රීයාකාරීත්වය යනු වෙනත්ම කලාවක් බවයි. මොහු අතිශයින් සාර්ථක මහාලේකම්වරයකි...