
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.
හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද මහබැංකුව කඩනකොට මුදල් ඇමැති?
එතකොට මහ බැංකුව කැඩුවොත් පුළුවන් වෙයිද?
මහ බැංකුව කඩපු අයට IMF එක මදිලු... ඇයි දැන් ඔයා ප්ලෑන් කරන්නේ ලෝක බැංකුවටම ගේමක් දෙන්න...?
එක රැයෙන් දුන්නේ නන්නත්තාර වෙන්නම මහ බැංකුවට .මේ සැරේ පැය ගානක් ඇතිවෙයි හම්බවෙන ගානට දෙන්න .කලිසමා ඉන්නවනේ රට කාපු සක්කිලියෝ
ම ලේ බොන මාපිලා .ආයෙත් මොකටද සූදානම් වෙන්නේ
හොරා කියන්න එපා....
2017 දී මෙයාගේ විදේශ විනිමය වංචා නඩුවෙන් බේරෙන්න ,එතෙක් පවතී විදේශ විනිමය පිලිබඳ ගාස්තුව අවලංගු කිරීම රට වැටෙන්න හේතුවක් කියලා නොතේරෙන්න තරම් මේ හිටපු මුදල් ඇමති මෝඩයෙක්ද ?එහෙම නැතිනම් රටේ ජනතාව නැවත ගොනාට අන්දවලා බලයට එන්න හිතනවද ?