(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කළේය.
පැමිණීලිකරුට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් සොරාගෙන ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා විසිනි.
කෝට්ටේ පිහිටි නිවසේ සිට ඉකුත් 03 වැනිදා මාතර නිවසට පිටව ගිය බවත්, ඒ අතරතුර තමාට අයත් සම්පත් බැංකුවේ ණය කාඩ් පත වැටී ඇති බවත් පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙය ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අදාළ බැංකු ගිණුම් වාර්තා කැදවීම සදහා සම්පත් බැංකුවේ මූලස්ථාන කළමණාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මොනවා කරලාද ඩොලර් හම්බකළේ කියන එක හොයන්නේ නැත්තේ මොකද?
මේක තමාගේ කාර්ඩ් එකක් නොවේ කියලා ඉදිරියේදී කිව්වත් පුදුමයක් නැහැ. තාත්තගේ කාර්ඩ් එකෙන්, තාත්තගේ පුද්ගලික ලේකම් හොරකම් කළ එකත් නාමල් දන්නෑ නැහැ කිව්ව වගේ...!
පුරවැසියන්ගෙන් හොරාකාපු සල්ලි නිසා පුරවැසියෙක්ම ගන්න ඇති. අර හපුතලේ මස්සිනා ළඟදි ගෙවල් පැත්තෙන් ගියේ එහෙම නැද්ද…?
රොකට් යැව්වට ලැබුණු සන්තෝෂම් වෙන්ඩැ. ජීවිතේටම රස්සාවක් කරලා හම්බ කෙරුවා කියලා කියන්ඩද?
කලබලේ යන්න ඇත්තේ... කවුද දන්නේ යවපු රොකට් එක ආපහු මැදමුලන පැත්තට එනවා කියලා ආරංචියක් ඇවිල්ලා ඒක බලන්න ගියාවත්ද කියලා...!
ඕවා ගත්තාට කමක් නෑ... මභජනයාගෙන් හොරාකාපු සල්ලිනේ...
හොරුන්ගෙත් හොරු කම්බ හොරු
කොහෙන්ද ඩොලර්ස් කියලා බලන්නේ නැද්ද
ඔවුන්ගේ හැම සතයක්ම ගනිල්ලා. ඕකලා හොරා කාපු සල්ලි
ඔහු ඩොලර් ලියපු අකාරය ගැන පරීක්ෂණයක් කරන්න .අර පුද්ගලයා කරලා තියෙන්නේ ජාතික මෙහෙවරක් .රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි ආපසු ගන්න කියලා කොතරම් කීවත් කලේ නැහැ .මොහු කරලා තියෙන්නේ විශාල සේවයක්
හොරුන්ගෙත් හොරු කම්බ හොරු...
විජේරාම මාවත කොළඹ 07 ලිපිනයෙහි පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ තමන්ගේ බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ සිට තමාගේ මාතර නිවසට පිටව ගිය බව දැක්කාම හිතා ගන්න බැරුව ගියා කොහේද ඉන්නේ කියලා.
ආ... ඕක මොකක්ද? හරියට පොල් කෙන්දක් මෝය කටින් ගියා වගේයි රෝහිතට...
මේකට කොහොමද මේ තරම් ගෙවල්. මුගෙ රස්සාව මොකක්ද. ජෙප්පො කෑගැහැව්වට මේවා හොයනවද. උනුන් මුන්ගෙ ගෝලයොනේ . සජබත් එහෙම තමයි .
මෙයාගෙන් නම් ගත්තා ට ගැටළුවක් නැහැ . ඒත් වත්කම් පරීක්ෂා කරන්න .
ඩොලර් 387 ට පරීක්ෂණයක් කරනවානම් රටේම දේපල කොල්ලකාලා ඉපදෙන්න ඉන්න දරුවන්ටත් ණය කාරයෝ කරපු මේ හොර පවුලටම දඬුවම් දෙන්නේ කවදාද?
මේවා හොරාකාපු සල්ලි... රාජසන්තක කළ යුතුයි..
රස්සාවක් නැතුව නිකං ඉන්න නිකම්, රාජ්‍ය දේපල හොරාකාලා ජීවත්වෙන අය. මේ පිනාගේ එකවුන්ට් එකට කොහොමද ඩොලර් 400ක්. ඔක්කොම එකතුවෙලා හොරාකාපු රාජ්‍ය ධනය පවුල් පිටිං හැදි ගෑවිලා යන්න ඕනෑ පට්ට හොරු. ලැජ්ජාවක් නැද්ද?
පවුලේම කෙනෙක් වෙන්න බැරිද ?
දුප්පත් මහජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු .ඔහොම වෙලා මදි.
මුලින්ම තොපේ ෆැමිලි එකේ උන් ටික චෙක් කරලා හිටු .පල් හොරුනේ
බිලියනයක් ගත්තත් මොකද?
කළින් සල්ලි හොරකම් කරගත්තා කිව්වා.. දැන් පුතාගේ සල්ලි අරන් මේ රටේ පුදුම හොරුනේ ඉන්නේ... දාඩිය මහන්සියෙන් කීයක් හරි උපයා ගත්තාම ඒක තියාගන්න දෙන්නේ නැහැ. ජනතාවට වුණු දේමයි වෙලා තියෙන්නේ. මේවා කවුරු හරි එකම හොරෙක් කරන ඒවා වෙන්න බැරි නෑ. සියලු හොරු එළෙව්වා නම් ප්‍රශ්නය ඉවරයි.