
(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා මාර්තු 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීමට හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
දැනට මහවැලි, වාරිමාර්ග හා සුළු වාරිමාර්ග යටතේ පවතින ජලාශ වල පවතින ජල ධාරිතාවය සියයට 77ක් වන අතර සියයට 66ක් දක්වා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට සූදානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
දැනට පවතින ජල පහසුකම් යටතේ වී වගාව සියයට 75ක් හා අතිරේක බෝග වගාව සියයට 25ක් වශයෙන් ජල සැපයුම් ලබා දීමට තීරණය කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, කාදර් මස්තාන්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සියලු දිස්ත්‍රික් ගොවි නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් යල කන්නයේ වගා කටයුතු පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd