(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණයට බලපෑම් කලොත් අධිකරණය මීට වඩා දැඩිව ක්‍රියාත්මක වෙිවි යැයි පක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මැතිවරණය පැවැත්වීමට මුදල් දෙන්නැයි මෑතකදී අධිකරණය නියෝගයක් ලබාදී තිබෙන බව පැවසූ කිරිඇල්ල මහතා ආණ්ඩුව දැන් අධිකරණය සහ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු  වරප්‍රසාද කඩන බව කියමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්න මතු කරන්නට පටන් ගෙන තිබෙන බව කීය.

මෙවැනි දේ කරන්නේ අධිකරණය සහ මැතිවරණ කොමිසම මෙල්ල කිරීමට බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.