(යොහාන් භාසුර)
විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී යන මාස දෙක තුළ පමණක් පුද්ගලයින් 24 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන පසුගිය ජනවාරි මාසය පුද්ගලයින් 13 ක් ද, පෙබරවාරී මාසයේ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නීතිවිරෝධී කටයුතු වැලැක්වීම සඳහා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මන්දා මේ වගේ රොකට් වේගයෙන් සංවර්ධනය වන රටක් දාලා පිටරටවලට දුවන්නේ. අරහේ ඇමරිකන් කාරයොයි, යුරෝපා ජාතිකයිනුයි පොරකනවා. ඉතාම සිඝ්‍රයෙන් නැගගෙන එන රුපියල් හොයන්න ලංකාවට එන්න.. ඒ මදිවට, අර "ඉලෝන් මස්ක්ගේ" තියන ඩොලර් ඔක්කෝම ටික රුපියල් බවට පරිවර්තනය කර ගන්න ඕනෑ කියල නහයෙන් හඬනවාලු... අනික, රොකට් අරින්න කප් ගහලා ඉන්න අපි ගැනත් එතුමා හොඳට දන්නවා ඇතිනේ..
මම දන්න ගැහැනු ළමයෙක් ඔහොම මංකොල්ලකාර රැකියා ඒජන්සියක් හරහා මැලේසියාවේ රැකියාවක් සදහා ගොස් රැකියාවක් නැතුව අනන්ත දුක් විදිනවා කියලා අහන්න ලැබුණා. ඇය ලංකාවේ හොඳ රැකියාවක් කළත් වැටුප් මදි කියලා තමයි ගිහිල්ලා තියෙන්නේ... දැන් හරිම බියෙන් ඉන්නවා කියන්නේ ගෙදරට කියන්න බැරිලු.. වයසක දෙමාපියන් පීඩාවට පත්වෙන නිසා. එහෙදී දිනකට වේලක්වත් කන්න බොන්න නැතිලු රටට මුදල් සොයන්න ගියපු මොවුන්ට සෙතක් සලසන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි...