හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා හිටපු සභාපති ඇපෑල විසිවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකුට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් විසින් ගොනු කළ ඇපැල් පෙත්සම් නිෂ්ප්රභා කළේය. 11 January 2023
කටපුංචා පනාමුරේදී ජීවිතයක් බිලි ගනියි ඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලුත්පාර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙකුට අද (11) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය. 11 January 2023
චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක් පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය. 11 January 2023
ජංගම දුරකතනයක් නිසා මල්ලී අයියා මරයි කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 11 January 2023
අයිස් සමග ඇල්ලූ දෙන්නා රඳවා ගන්න අවසර රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දින තුනක් රදවා ප්‍රශ්න කිරීම සදහා පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් එස්.ඒ.එම්.සී.සතුරුසිංහ මහතා කල්පිටිය පොලිසියට නියෝග කළේය. 11 January 2023
කහටගස්දිගිලියේ කුඹුරු අක්කර 1000ක් වැනසෙයි මෙවර මාස් කන්නයේ වගාකළ කුඹුරු අක්කර 1000 අධික ප්‍රමාණයක් දීලිර රෝගයකින් විනාශවි ඇති බවට කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගොවිහු මැසිවිලි නගති. 11 January 2023
ආශුගේ පෙම්වතියගේ පෙත්සම විසි වෙයි හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 11 January 2023
විදුලි සේවකයෝ පෙත්සමක් අත්සන් කරති මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් රජයට ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් චමින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය. 11 January 2023
පක්ෂ ලේකම්වරු මැතිවරණ නිරීක්ෂකයෝ අද කොමිසමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති. 11 January 2023
අරගල අස්සේ රූපවාහිනියට පැන්න අයෙක් මාට්ටු රූපවාහිි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කුරුඳුවත්තේ දී ෙ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 January 2023
රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නියෝගය ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබියදී ඒ සඳහා ඇප මුදල් බාර ගැනීමෙන් වළකින්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම ප්රජාතන්ත්රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරයක් බව නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 11 January 2023
සුද්දෙක් රැවටූ අයකු අල්ලයි අලුත්ගම පිහිටි නිවසක් බ්‍රිතාන්‍ය ජාතිකයකුට පෙන්වා එම නිවස ඔහුට ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 15.5 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අද(10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2023
විදුලි බිල වැඩි කළ හැටි වැරදී විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු වැඩිකිරීමට කිසිඳු බලයක් නැතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 10 January 2023
ප්‍රබල දේශපාලකයකුගෙන් කුලියට ගත් ඉඩමේ ගංජා වවලා නියෝජ්‍ය කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා කුලී පදනම මත ලබා ගත් පුද්ගලයකු ගංජා හේනක් පවත්වාගෙන ගියේ යැයි කියයන චෝදනාවක් සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 10 January 2023
මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය. 10 January 2023
ඉන්දියාව ලකුණු 67 කින් ජය ලබයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගුවහාටිහිදී අද (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වූහ. 10 January 2023
මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සුදු අලියෙක් රුහුණු සංචාරක කාර්යංශය මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සඳහා සිදුකළ රුපියල් හාර කෝටි හැට ලක්ෂයකට අධික මුදල නිසිප්රයෝජනයක් වී නැතැයි විගණකාධිපති වාර්තාවකින් අනාවරණය වේ. 10 January 2023
ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා තිබේ. 10 January 2023
ඇප මුදල් බාර නොගැනීම ගැටලුවක් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වන තුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. 10 January 2023
විශ්‍රාම වැටුප ගන්න ඇවිත් හිස් අතින් ගෙදර යති රජයේ විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් ගෙවිය හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවේ. 10 January 2023
මැතිවරණ ඇප මුදල් බාර ගැනීම නවතී පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබේ. 10 January 2023
අලුත් සන්ධානය හෙට හෙලිකොප්ටරයෙන් එයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට (11) පස්වරු 3.30 ට සිදුකෙරේ. 10 January 2023
අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක් ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා‘ චිත්‍රපටයට හිමිවිය. 10 January 2023
රස්සාවෙන් නිදහස් කළ යුනියන් නායකයන් 4 කට ඛනිජ තෙලෙන් අමුතු සැලකිල්ලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් සිව් දෙනෙකුට නීතිරිතිවලට පටහැනිව සංස්ථාවෙන් රියදුරන් සමග කැබ් රථ ලබා දී ඇති බවද සේවයෙන් නිදහස් කළ වෘත්තීය සමිති නායකයින් පවා එම වාහන සඳහා මාසිකව ඉන්ධන හා අතිකාල දිමනා ලබාගන්නා බවද සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 10 January 2023
ලංකාවට 374 ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ගුවහාටිහිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් රැස්කිරීමට සමත් වූහ. 10 January 2023
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දිනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 10 January 2023
කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සගයාට ඇප බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කළාය. 10 January 2023
අ‘පුරත් ඇප බඳියි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම අද සිදුවිය. 10 January 2023
ලංකික තරුණ තරුණියන්ට ජපන් රැකියා ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 10 January 2023
කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 10 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026