ඉන්දියාවේ වන්දනාවේ යන්න උණ්ඩයක් රැගෙන ඇවිත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2023
අඩුවට බිත්තර සපයන්න ඉන්දීය ටෙන්ඩර් කරුවෝ පොරකති ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 January 2023
අද වැස්ස නැති දවසක් දිවයින පුරා අද (10) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2023
අයිස් සමග දෙකක් මාට්ටු ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි. 09 January 2023
රත්නපුරේ දරුවන් 1336 කට මන්දපෝෂණය රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1336 දෙනකු තීව්ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 09 January 2023
මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි. 09 January 2023
මුදලිගේ වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ 1000ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින සියයක් රඳවා තබාගැනීමෙන් පසුව විරෝධතාවක් සංවිධානයේ කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි. 09 January 2023
විදුලි කප්පාදුව හෙටත් පැය දෙකයි විනාඩි 20 යි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පැවසීය. 09 January 2023
විදුලි බිල නග්ගන්න අවසර ලැබුණත් දිනයක් නෑ විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ 09 January 2023
ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර වියළි ගංජා අඩංගු පාර්සල් තොගයක් සිය නිල නිවසේ සිවිලිම අස්සේ සඟවාගෙන ජාවාරම් කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුගේ රියදුරා ඇතුළු පස් දෙනකු වැඩිදුර පරීක්ෂණ සඳහා දින 7ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 09 January 2023
බෙන්තොට කපුවකු දැරියකට දස වද දීලා බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි ,බෙන්තොට පොලිසිය කියයි. 09 January 2023
‘‘ඉදිරි පැය 48 හොරු නැති පක්ෂයක් එනවා‘‘ අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. 09 January 2023
පොහොට්ටුව පුත්තලමටත් ඇප බඳියි පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් අද තැන්පත් කළේය. 09 January 2023
පොහොට්ටුව හෙටත් දිස්ත්‍රික්ක 3කට ඇප තියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක තුනකට ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය පවසයි. 09 January 2023
ධීවරයෝ - වෙරළාරක්ෂකයෝ ගැටෙති හම්බන්තොට ධීවර වරායේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ධිවරයන් පිරිසක් ඇතිකරගත් ගැටුමකින් දෙපාර්ශවයේ දෙදෙනකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට පොලීසිය කියයි. 09 January 2023
වරාය නගරයේ ලොක්කන්ට මුදල් කමිටුවෙන් අවවාද කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබියදී පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම කාරක සභාව ඒ නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර ඇත. 09 January 2023
නාන තටාකයේ සැඟව සිටි මරුවා දරුවා ඩැහැ ගනී කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පිහිටුවා ඇති පිහිනුම් තටාකයට වැටී අවුරුදු 02 ක් පමණ වයසැති පිරිමි දරුවකු මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. 09 January 2023
ජගත් කුමාරත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධයි විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බවත් පෝය දිනයේ පස්වරුවේ විදුලිය කප්පාදු කිරීම හොඳ තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 09 January 2023
උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 09 January 2023
රට ගොඩ ගන්න වැඩ්ඩෝ මං ළඟ ඉන්නවා රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසිය. 09 January 2023
පුංචි ඡන්දෙට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් 3ක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අතරමැදි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. 09 January 2023
තව 10කින් තෙල් මිල බැස්සුවොත් ගාස්තු අඩු කරනවා ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 09 January 2023
හොරා ගත් සඳගල ගැන තොරතුරු රැසක් එළියට පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහනුවර අරුප්පොල ප්‍රදේශයේ නිවසකට සහ වාහන අංගනයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කළ බව පොලිසිය කියයි . 09 January 2023
බ්‍රසීල ප්රජාතන්ත්රවාදයට වන සතුරු ක්‍රියා හෙලා දකිමි බ්‍රසීලයේ ප්රජාතන්ත්රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 January 2023
නීතිවිරෝධී ඒජන්සියක හිමිකරු-කළමනාකරු මාට්ටු නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා එජන්සියක් වටලා එහි හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 09 January 2023
ඡන්දෙට මුදල් සොයන හැටි ජී.එල් කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 09 January 2023
පොහොට්ටුව කුරුණෑගලට ඇප බඳියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පළන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද දින සිදු විය. 09 January 2023
දුම්රියේ 200කට ස්ථිර ලිපි ඉල්ලයි රජය අඩු ආදායම් ලාභී බහු කාර්ය සංවර්ධන සහයකයන් 3000 ක් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට පෙර එම දෙපාර්තමේන්තුවේ සේවය ස්ථිර නොමැති සේවකයන් 200 කට ආසන්න සංඛ්‍යාව ස්ථිර කළ යුතු බවත් එම සේවකයන්ගේ සේවය ස්ථිර නොකළ හොත් ඉදිරි දින තුන තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය. 09 January 2023
කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. 09 January 2023
දෙබරු පාසල් ඇවිත් ළමයි ගෙදර අකුරැස්ස අධ්‍යාපන කළාපයේ බෝපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලි අතර පිහිටි අඹ ගසකට දෙඹරුන් විශේෂයක් පැමිණ වසා ගැනීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් නිර්මාණය වී ඊයේ (09)දා පාසල වසා දැමීමට පාසල් බළධාරීහු කටයුතු කළහ. 09 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026