ග්රහකයේ පස් අරන් නාසා යානය ආවා
සෞරග්රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස්, ‘බෙන්නු’ නමැති ග්රහකට ළං වී, එම ග්රහකයේ මතුපිට පස් සහ දූවිලි සූරා එක්රැස් කරගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය, වසර හතක මෙහෙයුම අවසන් කරමින් යළි පෘථිවිය බලා පැමිණියේය.