
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙට්‍රික් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇතැයි ලොදම්මාර් පැවැසුවේය.එම සුන්බුන් අතරට පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.ඒ අතරින් පුපුරා නොගිය බෝම්බ කොතරම් තිබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවැසුවේය.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් තවත් 77,293 තුවාල ලබා ඇතැයිද ලොදම්මාර් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙලත් අරාබිකාරයෝ මීක් නෑ...
ඒ මැද්දෙ සාමයෙ පරෙයියත් ඉන්නෙ අපූරුවට !
ට්‍රැක් රථ සීයට වැඩිය පාවිච්චි කරයි. මොකද තව සුන්බුන් වැඩිවෙනවානේ... ඉවර නැහැනේ...
චීන්නු එක්කලා එකතු වුණා නම් මෙව්වා මුහුදට දාලා දූපතක් හදන්න තිබුණා.