
(යොහාන් භාසුර)
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පිරිසක් අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
අදාල විදේශ රැකියා නියෝජිත ආයතනය රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ හයේ සිට ලක්‍ෂ 25 දක්වා මුදල් ලබාගනෙ ඇති බවත් එම මුදල් වෙනුවට ඔවුන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
අදාල වංචාව සම්බන්ධයෙන් මහරගම පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි කළ ද නීතිය ක්‍රියාත්මක නොවන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුලේම ගේමක් දීලා වගේ...
මනූෂ නිදිද? නිදි වගේ ඉන්නවද?
රුමේනියාවට අනුමත ගාස්තුව වෙන්නේ ලක්ෂ 12 ක පමණ සමහර ඒජන්සි ලක්ෂ 23, 30 ගන්නවා, ඇමැතිලා නිලධාරීන් හවුලේ කරන නිසානේ නීතියක් නැත්තේ...!
තවමත් මෙවැනි ප්‍රෝඩාවන් ට මුලාවෙන අය සිටිනවානේ .දැඩි ආර්ථික දුෂ්කරතා නිසා තමයි මේ අය එම්වනි වංචාවලට හසු වන්නේ .කෙසේ හෝ විදේශ රැකියාවක් ලබාගන්නයි බලන්නේ
ඕකුන්ගේ නම් ටිකත් එලියට දාන්න, අඩුම ගානේ ඔය හොර ඒජන්සියේ නමවත් දාන්න. තව කොච්චර අය සල්ලි දීලා බලන් ඉන්නවාද දන්නේ නෑ.. අනෙක් හොර කාලකන්නි හොර ඒජන්සි කාරයන්ටත් පාඩමක් වෙන්න ඔක්කොම නම් ගම් ප්‍රසිද්ධ කරන්න .