
(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර ඉසුරු ජයනාත් බණ්ඩාර යන දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටීම් කිලෝමීටර් දෙකක් පමණ දුරටත් ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.
එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු උත්සවය ලොකු වුණ තමන්ගේ අවුරුදු 2 ළමයාට වඩා... ඔහොම ප්‍රමුඛත්වයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩ මිනිස්සු තමයි රටේ අනාගතය තීරණය කරන නායකයින්ව බලයට පත්කරන්න ඡන්දෙ දෙන්නේ...
ලංකාවෙ මිනිස්සු අහේනියෙන් ඉන්නවා කිව්වට එහෙම එකක් පේන්නෙ නැහැ නැත්නම් එදාවේල සරිකර ගන්නවා මිස අවුරුදු උත්සව බලන්න යන්නෙ කොහොමද .අපිට කියන්න තියෙන්නෙ ගුත්තිලයේ තියෙන නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා කියලා පමණයි සෙල්ලම ලෙල්ලම වෙනවා මයි ඒකෙන් ඇස් රතු වෙනවා මයි.කියලා නේද
තේරෙන විදියට මේ පවුලට දරුවන් වැඩියි....නොසලකා හරින්න හේතුව එය නේද?පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න.... කොහොමත් රටේ ජනගහනය අධිකයි.... රට මේතරම් දුප්පත් වීමට ඒකත් එක හේතුවක්.