(රොෂන් තුෂාර)
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (26) නියෝග කළාය.
පසුගිය 20 වැනි දින අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව මුල්ලේරියාව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අංගොඩ පදිංචි ජයමුනි ලක්මල් සඳරුවන්, බුද්ධික ජයලත් සහ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩො වරුන් වන මහ උල්පතගම තරිඳු මදුශාන් හා ඇඹිලිපිටියේ අරෝස් දිල්රු සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd