(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ සඳහා පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතු අතර දේශපාලන බලපෑම්වලින් එම ආයතන මුදා ගැනීම අත්‍යවශ්‍ය බව රණවක මහතා සඳහන් කළේය.
වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම් වලට යටත්ව තිබෙන බව කී මන්ත්‍රීවරයා එම ආයතන පොලිස් ඇමතිගේ සහ රජයේ අතකොළු බවට පත්වීම රටට අහිතකර බව පැවසීය.
දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බව ද මන්ත්‍රීවරයා පැවසීය. මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රීය වන තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේ දේවල් වෙනවා නම්, එය රටකට ඉතාමත් නරක ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්...!
සුපිරි බුද්ධි අංශයක් තිබුණු රටක්... අවස්ථාවාදී කුහක රැළක් එකතුවෙලා ඒක විනාශ කලේ. තාමත් ඔවුන් රජ සැප විඳිනවා...
එහෙම කියන්නේ කාංචන අබේපාලට වෙඩි තිබ්බ එකට....!
මෙයාටත් පාතාලයත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ටික කාලයකට උඩදී ආගමික නායකයෙකුගේ ගෙදරට බෝම්බ ගස්සවලත් තියෙනවා.
අනේ මන්දා මේ වගේ මිනිස්සු. කලින් පාර ඇමැති වෙලා හිටපු කාලේ රාජගිරියේදී මනුස්සයෙක්ව හප්පලා ඒ වැරැද්දෙන් බේරෙන්න පොලිසියත් එක්කම එකතුවෙලා බොරු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරලා තිබ්බයි කියලා ප්‍රවෘත්තියක් ඒ කාලේ පළවුනා. දැන් කියනවා පොලීසිය ස්වාධීන කරන්නලු...!
හොඳම පාතාල නායකයෙක්....!