ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබූහ . 25 September 2023
මීගොඩ ගෘහ භාණ්ඩ වෙළෙඳහලෙන් ලක්ෂ 60ක් කොල්ල කාලා මීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 25 September 2023
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා (27) සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා අත්හිටුවූ බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2023
පරිවාස නිලධාරීන්ට සාමවිනිසුරු පදවි පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරෙන ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 25 September 2023
නව මාසෙට කට පුංචා 48ක් බිලි අරන් 2023 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් 75 කින් 6 හැවිරිදි දැරියක් ඇතුලු පුද්ගලයන් 48 දෙනකු මියගොස් ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 25 September 2023
හිටපු අධ්‍යක්ෂවරිය 29 වතාවක් රට ගියත් වාර්තා නෑ වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29 කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 25 September 2023
රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) ඔක්තෝබර් 03 වනදා සිට 6 වැනිදා දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය. 25 September 2023
ඉන්දියාව ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට? භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20 ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2023
සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් 1331 දෙනකුගේද හෙද නිලධාරින් 1756 දෙනකුගේ සහ උපස්ථායකයන් 2268 දෙනකුගේද හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 September 2023
හෙදියට කතුරෙන් අනින්න ගිය විශේෂඥ වෛද්‍යවරයා වැරදිකරු වේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුලදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ඔහුට තරයේ අවවාද කර මුදා හැරියේය. 25 September 2023
ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටිකට් පත් 164ක් විනාශ කර, රුපියල් ලක්ෂ අසූහතකට වැඩි මුදලක් වැය කරමින් තවත් ටිකට් පත් 150ක් මිලදී ගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ්ය වේ. 25 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම දිනති චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) හිමිකර ගත්තේය. 25 September 2023
‘‘ෆයිසර් එන්නත් මිලියල 12 විසි කරලා‘‘ කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් මිලියන 12 පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර දී පැවැසීය. 25 September 2023
ශාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් බැවින් එම දේහය මරණකරුගේ ඥාතීන්ට භාර දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට නියෝග අද (25) කළාය. 25 September 2023
තැපැල් වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ඉල්ලයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගැනිමින් විරෝධතාවක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අද (25) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 25 September 2023
කප්පම් නොදුන්නැයි ටයිම්කීපර් රියැදුරාට ගහලා පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රුපියල් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා එම මුදල නොදුන්නැයි උරණවී වේලාසටහන්කරුවකු බස්රථයේ රියදුරුට පහරදී මෙන් රියදුරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 25 September 2023
අවිස්සාවේල්ල ඝාතනයට 4ක් අල්ලයි අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 25 September 2023
සචිත්‍රට ඇප තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය. 25 September 2023
විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක් ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි. 25 September 2023
ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මන්ත්‍රී චන්නගෙන් සමාව ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමන මහතාට ඇති වූ සිත් තැවුල සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී ජයසුමන මහතාගෙන් අද ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. 25 September 2023
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු විරෝධතාවක විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි. 25 September 2023
සීතාවක ඓතිහාසික අගය මතු කරන්න ජනපතිගෙන් උපදෙස් සීතාවක ඓතිහාසික වටිනාකම පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(25)පැවසීය. 25 September 2023
තියුණු අයුධයකින් කපා කොටා මරලා හුංගම තලුන්න ප්‍ර දේශයේ මාළු ලෑල්ලක් අසල දි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය කියයි. 25 September 2023
පදවියේ දෙදරුපියාගේ ඝාතනයට හයක් මාට්ටු පදවිය මහසෙන්පුර දී පසුගිය මැයි මස 16 වැනි දා 38 වැනි දා දෙදරුපිය පියකු ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතූලු තවත් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසයි. 25 September 2023
පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් 5කට වැඩ වරදී ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි . 25 September 2023
පියාට පහර දුන් සැරයන්වරිය අත්අඩංගුවට ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ කතාබහක් දුරදිග යෑමෙන් පසු සිය පියාට පහර දුන්නේ යැයි කියන කාන්තා පොලිස් සැරයන් වරියක්අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි. 25 September 2023
දොස්තරලා 957 කට රස්සාව එපා වෙලා වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී ( 2022.8.30 සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා) සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා කමිටුව)පැවසීය. 25 September 2023
බස් -බස් හැපී 15 ක් රෝහලේ කොළඹ නුවර මාර්ගගයේ තිත්තවලැමංකඩදී අද (25) අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලත් 15 දෙනෙකු වරකාපොල හා වතුපිටිවල රෝහල්වලට ඇතුලත් කර ඇත.ැයි දංඕවිට පොලිසිය කියයි. 25 September 2023
පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට යෑමේ අවශ්‍යතාවක් නෑ පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 25 September 2023
කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවා රේගු දැලේ රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 25 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026