(එස් හේරත්)

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා  යමින් සිටි  දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ  තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.‍

කිසියම් අපරාධයක් සඳහා යාමට සූදානම් වන පිරිසක් පිළිබඳව මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාදම්පේ මැදගම මාර්ගයේ මාර්ග බාධක යොදා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් සිදුකරන ලද පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් සමග අදාල වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෙවෑන් රථයේ ලාච්චුවක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බබෝම්බයක් මුලින්ම  පොලිසියට හමුවී ඇත. වෑන් රථය වැඩිදුර පරීක්ෂා කිරීමේදී එය තුළ තිබී තියුණු කඩු 06 ක් දිග අත් පිහියක් වක් කැති 03  ක් හෙරොයින් මිලිග්‍රෑම්  5400 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගෙන  මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් අතර දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන දුමින්ද චතුරංග හෙවත් විලත්තව වැලි රංග නමැති 40 හැවිරිදි පුද්ගලයාද සිටිනා බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන  ඇත.