(විමුක්ති එස් රුද්‍රිගු)
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.
කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය.
දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා සමාගමට ලබා දුන් බව ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. න්‍යෂ්ටික යුද්දෙන් පස්සේ නැවත පොළවට බහින්නෙ කවුරු බලන්න ද. 2. 2036 වෙනකං න්‍යෂ්ටික ප්‍රහාරයකට අවස්ථාව එලඹෙන්නෙ නැති ද. 3. 2036 වෙනකොට අනෙකුත් රටවල් මේ ඉන්න තැනම ඉඳියිද. 4. ලංකාවේ ණය බිලියන 39 ලු. මේකෙ වියදම් බිලියන 130 යිලු. මොකද හිතෙන්නේ .
අපට එම ගුවන් යානය මිලදී ගත හැකි නම්... කරුණාකර මට දන්වන්න. මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෑගි දෙන්නම්..
ඕක දැකලා අපේ අයටත් බිලක් දාන්න ඕනෑ වෙයි.
න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කරලා උඩට වෙලා ඉන්න තමයි වෙන්නේ. බිමට බැස්සට කවුරුත් ඉතිරි වෙන එකක් නෑ. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවන එක නවත්වන්නයි කළ යුතු...
අපේ නඩේටත් එකක් ඕඩර් කෙරුවානම් හොදයි ඡන්දෙන් පස්සෙ හැන්ගිලා උඩ යන්න
අනේ දෙවියනේ, යුද්ධය නවත්වන්න නෙවි හදන්නේ. අහස උඩ ඉඳලා පාලනය කරන්න. මුන්ගේ මොලේ වැඩිවෙලා කරන අපරාධ. අහිංසක මිනිසුන් තමා මේවට බිලි වෙන්නේ. ලොක්කෝ හැංගිලා, සොක්කෝ කැමැතෙන් හෝ අකමැත්තෙන් බිලි වෙනවා. විශ්වයේ මහා විශ්මය වෙන්න කාලය හරි වගේ.
උඩ ගියාට ආපහු බාන්න රටක් ඉතුරු වෙලා තියේවිද දන්නේ නැහැ