(සුජිත් හේවාජුලිගේ )
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දෙති.
නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.
විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද වලට වගේම ඔය වැඩේටත් සල්ලි නැති වෙයි.
පුරප්පාඩු 630ට අයදුම් පත්ර ලැබිලා තියෙන්නේ 600යි. ඔක්කෝම බඳවා ගත්තත් පුරප්පාඩු 30ක් ඉතුරුයි. අපි යවපු අයදුම්පත්ර ලැබුණා කියලාවත් දැනුම්දීමක් නෑ...
හරියට විගණනය කළොත් හොරකම් ටික හෙළිවෙනවා. එතකොට බඩගෙඩි ටිකට මොකද වෙන්නේ? රට පාලුවන්ගේ පැවැත්ම උදෙසා විගණන නිලධාරීන් බඳවා ගැනීම නොකෙරේ...!
මොනවද අනේ කොටඋඩ නැත්තේ...?
විගණන නිලධාරීන්ව එම දෙපාර්තමේන්තුව තුළ තියාගන්නට කටයුතු කළේ නෑ. බහුතරයක් රට අතෑරලා ගියා. ලොක්කෝ කැමැති නෑ... පොඩි අයට දෙයක් දෙන්න... ඒ නිසා කලකිරීලා දෙපාර්තමේන්තුව හැරගිය නිලධාරීන් බොහෝමයි. කවදාවත් වැඩකරන අයට තැන් දුන්නේ නෑ. වැඩ නොකරන ශරීර හොරුන් තමා කොතැනත් රජ කළේ. විගණන යටත් වුනේ එක...