( ෂේන් සෙනෙවිරත්න )
වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ .
වීසා නොමැතිව රැඳී සිටි එම ඊජිප්තු ජාතිකයා අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන තෙක් කොළඹ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වැනි දින එම රඳවුම් මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබේ.
එසේ පලා ගිය ඊජිප්තු ජාතිකයා මහනුවර ප්‍රදේශයේ ඒ. ඒ. ධර්මසේන මාවතේ පිහිටි ලැගුම්හලක රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම අලකේශ්වරගේ ඊජිප්තු අනුගාමිකයෙක් වෙන්න ඇති...!