
(අංජුල මහික වීරරත්න)
වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවද ජනාධිපතිවරයා කීය.
වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.
1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙයාළඟ මොකක් හරි ලොකු පොතක් ඇති, එක එක රැස්වීමට, උත්සවයකට අනුව පවත්වන්න ඕනේ කතා ලියපු...!
රටේ ලොකුම ප්‍රශ්නය ඒක තමයි. බොහෝ ප්‍රශ්න වලට පදනම දැම්මේ ජනාධ්පති ක්‍රමයයි.
ඉන්දියානු ජනාධිපතිවරයකුව සිටි අබ්දුල් කලාම් මෙසේ කියා ඇත. විධායක ජනාධිපති ක්‍රමය නිසි අයුරින් පවත්වාගෙන යාමට නම් එම තනතුරට පත්වන පුද්ගලයා දේශපාලණීකරණය නොවිය යුතු සහ නීතියට යටත් විය යුතුවේ. වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම නම් විදෙස් රටවල සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ලංකාවේ ව්‍යාපාර අරඹා කිරීමට අවස්ථාව ලබාදීම සිදුකළ හැකිවේ. ඔවුන්ගේ නිෂ්පාදන එම රටවල පවතින් නීති සහ තත්වයන් මත එම රටවලට export කිරීමට පහසුවෙන් කළ හැකිවේ...
ඒක ඇත්ත.. ප්‍රශ්නේ තනතුර නොවේ.. තනතුර හොබවන්න සුදුසු පුද්ගලයෙක් රටේ නොමැති වීම... ජපන් හිටපු අගමැති කෙනෙකුට වගේ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ බාරගන්න කිව්වා නම් බලාගන්න තිබ්බා. මේ තනතුරු නිසා මුළු රටක් ගොඩයන විදිහ..
සහතික ඇත්ත... !!! රට හමුවේ ඇති ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොව, එයට සහ දියවන්නාවට තේරී පත්වන පත්වන පුද්ගලයින් මුළු මහත් ලංකාවටම කරන විනාශයයි...!!!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...
ජේවීපී එක සහ කොටි මේ රටේ ආර්ථිකය විනාශ කලේ ඔය එකක්වත් තිබිලා නෙවෙයි...
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ධ කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදු කරයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු.
ජනාධිපතිතුමාගෙ කෝට් එකනම් හරි පල්
වැරැද්ද තියෙන්නේ විධායක ක්‍රමයේ නොවේ... ඒකට පත්වන මිනිස්සුන්ගේ තියෙන නොහැකියාව... අපේ රටේ නායකයෝ හොඳයි... වැසිකිළි වළවල් බෙද බෙදා යන්න...!
ක්‍රමයේ නෙවෙයි වැරැද්ද, කවුද ඒ පුටුවේ ඉඳගන්නේ කියලා උදාහරණයක් හැටියට ගන්නේ...‘‘ අයියෝ සිරිසේන...
විතාන, තමුන්නැහැලාගේ නොහැකියාව නිසා තමයි ජවිපෙ, කොටි බිහිවුනේ, ඔය මන්තරේ මැරෙනකන් මතුර මතුර ඉන්න. ඕවා වෙලා දැන් බොහෝකල්. තාජුදීන් මරලා සාක්ෂි නැති කලේත් ඔය විධායකය තමයි, නීතිය නැති රටක් කලේ ඔය ශාපය තමයි. ඕක නොතේරෙන්න නම් සෑහෙන්න මෝඩයෙක් වෙන්න ඕනෑ.
ලොකුම ප්‍රශ්නය ඔය නිලය දරණ පුද්ගලයා