
(චාපා මධුභාෂිණී)
මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 17 පාසල් සිසුවිය දින 14කට පමණ පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති තරුණියයි.
මෙම තරුණිය පසුගිය 14 වන දින සිය නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.
එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.
පොලොන්නරුව මහ රෝහලෙන්ද පසුව ඇය අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර ඒහිදී ශෛල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඇත.
පොලොන්නරුව මහරෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ.. ඇයි ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරු කරන්නේ? අනුරාධපුර ඉස්පිරිතාලෙම තියා ගන්න තිබ්බා නේද?