IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට

(චාපා මධුභාෂිණී)

මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 17 පාසල් සිසුවිය දින 14කට පමණ පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති තරුණියයි.

මෙම තරුණිය පසුගිය 14 වන දින සිය නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.

එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.

පොලොන්නරුව මහ රෝහලෙන්ද පසුව ඇය අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර ඒහිදී ශෛල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඇත.

පොලොන්නරුව මහරෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

 



අදහස් (2)

අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට

ජගත් ලියනගේ Sunday, 28 April 2024 02:40 PM

දන්නේ නැති නිසා අහන්නේ.. ඇයි ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරු කරන්නේ? අනුරාධපුර ඉස්පිරිතාලෙම තියා ගන්න තිබ්බා නේද?

:       27       28

ජයන්තSunday, 28 April 2024 04:21 PM

දැන් හොස්පිටල්වල පහසුකම් නෑ. රට කාලා තියෙන්නේ. ශල්‍යකර්ම කරන්න පුළුවන් ඒවාට මාරු කරනවා...!

:       2       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 7 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 725 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17980 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

Our Group Site