(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට
ඉතා අඩු මිල ගණන් සහිත  කුඩා වාහනවලට  යොමුවී සිටින බව  පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.

අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව දැනගන්නට ඇත. එසේම  අධික ඉන්ධන වියදම් හේතුවෙන්  පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද  සීමා කර ඇතැයි  මන්ත්‍රීවරු කීපදෙනෙක් අප සමග පැවසූහ.

එසේම මන්ත්‍රීවරුන්  කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවද  වාර්තාවේ. සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත.