(බී.ජී. චතුරංග )

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා  ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , අංක 19, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කරඬුගස් මුදලිගේ  චමින්ද ලාල් නැමැති 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 අනතුරටපත් පෞද්ගලික  බස්රථය සහ යතුරු පැදිය අනුරාධපුර සිට නොච්චියාගම දෙසට එකම දිශාවට ගමන් කරමින් තිබියදී ,  යතුරු පැදිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට දකුණු දිසාවට  හැරවීමට යාමේදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කල  බස්රථය තවත්,  බස් රථයක් ඉස්සර කිරීමට ගොස් ඇති බව පොලිසිය කියයි.