(ෂේන් සෙනෙවිරත්න )
හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි .
එම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කොට ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කොට ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවද කියයි .
ලද තොරතුරකට අනුව මෙම ගණිකා නිවාසය පිළිබඳව සති දෙකක කාලයක් පොලිස් නිලධාරීන් ආවේෂණ රාජකාරිවල නිරතව සිට රුපියල් 5,000ක මුදලකට උපාය දූතයෙක් යොදවා ගණිකාවක මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හන්තානේ කඳු මුදුන සිසාරා.. ගණිකා වෘත්තිය නීතියට ප්‍රශ්නයක් නැත. එහෙත් ගණිකා ව්‍යාපාරය නීත්‍යානුකූල නොමැත... (සුද්දගේ කාලේ නීතියකින්). එම නිසා ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාමට උදව් කීරිම යටතේ පමණක් අත්අඩංගුවට ගැනීම සහ දඩ නියම කිරීම (රුපියල් 50ක් හරි 100ක් හරි) සිදුකරන අතර ගණිකා වෘත්තිය තනියම කරගෙන යන්නේ නම් ව්‍යාපාරයක් නොවන බැවින් වැළැක්විය නොහැකිය. දුප්පත්කමට සිදු කරන මෙම වෘත්තීය අත්අඩංගුවට ගැනීම හරහා බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. නූතන වහල් සේවය සිදුකරන ඇඟලුම් අංශය සේවය කර තම එදිනෙදා අවශ්‍යතා වන නිවාස, වාහන වැනි අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුටම මුදල් උපයා ගැනීමට හැකිද යන්න සැක සහිතයි.
මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා ඉටු කරා ගන්න විදිහක් ඕක... ඕවා නවත්තන්න යන්න එපා...
එකමිටේ දෙන්නෙක් වෙන්න ඇති. එක මිටේ ගණිකා සේවය ආවොත් මේ රටේ පවුල් ආරාවුල් වැඩිවෙලා පවුල් අවුල් වෙලා බිරිඳට සියලු වැඩ පැත්තක තියලා තමුන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන්න යන්න වෙයි.
මහනුවර කියන්නේ සුන්දර නගරයක් මෙන්ම ඒ සුන්දර නගරයේ ජීවත් වන මිනිසුන්ද අතිශයින්ම සුන්දරයි. ඉතාමත් ආඩම්බරයෙන් කියන්න කැමතියි... ලංකාවේ විවිධ නගරවල දෛනිකව සිදුවන නීතිවිරෝධී කටයුතු අතුරින් මහනුවර නගරයේ එවැනි දේවල් ඇසෙන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්... ඉතින් ඒ සුන්දර නගර වැසියෙක් හැටියට මම මේ ප්‍රවෘත්තිය කියවා ටිකක් ලජ්ජාවට පත්වුණා... නමුත් මේ ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය සැකකාරියන් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි. නුවර අය එහෙම නෑ කියලා තහවුරු වීම ඉතාමත් සතුටට කරුණක්...
ආණ්ඩුව සහා රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදුකරයි. පොදු ජනතාව අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු.
ගණිකා වෘත්තියේ යෙදෙන්නේ ඇයි කියා පළමුව සොයාබැලිය යුතුයි. පවුල්වල ප්‍රශ්න නම් ආර්ථික ප්‍රශ්න නම් එවාට ලංකාවේ තිබෙනවා කාන්තා කටයුතු අමාත්‍යාංශය විවිධ කාන්තා සංවිධාන ඒවා මාර්තු 08ට විතරක් එළියට ඇවිත් වැඩක් නැහැ... ඒවා මුල්වෙලා එම කාන්තාවන් ගණිකා සේවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ.. අනික ගණිකා වෘත්තිය තනි තනිව යෙදීමට වුවද අත්අඩංගුවට ගත නොහැකියි. දණ්ඩන මුදල රුපියල් 50ක්... එය යම් ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට එම දණ්ඩන මුදල ලක්ෂ 10 ක් දක්වා වැඩිකළ යුතුයි. එවිට ගණිකා මඩම් හතු පිපෙන්නාක් මෙන් ඇතිවි තිබෙන එවා වැසීයනු ඇති... එම දණ්ඩන මුදල එහි හිමිකරුගෙන් එක් ගණිකා වෘත්තියේ යොදවන අයෙකුට ලක්ෂ 10ක් ලෙස අයකළ යුතුයි.. ඒ වගෙම ස්පා සඳහා නිසි නියාමනයක් නොමැත..
ලිංගික පහස ලබා ගැනීම, කෙනෙක් හෝටලයකට ගොස් කෑම වේලක් ගැනීම වැනි ශාරීරික අවශ්‍යතාවක්. එබැවින්, මෙවැනි දේ වර්තමානයේදී නීතිගත කළ යුතුයි...
ලිංගාශ්‍රිත රෝග ගැන කවුරුත් ගණන් ගන්නේ නැද්ද? මෙය කලත්‍රයෙකුට HPV සම්ප්‍රේෂණය කිරීමේ එක් ක්‍රමයකි.
කරුණාකර එම ආවේෂණ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට පොලිස් කොත්තු සහ කිඹුල් බනිස් ලබා දෙන්න
ගණිකා වෘර්තිය නීතිගත කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. HIV හැදෙනවා කොහොමත්. ආර්ථික ප්‍රශ්නෙට විසඳුම මේක නෙමෙයි. කරන්න මොනවද නැත්තේ ගැහැණු අයට.නමුත් ආර්ථික ප්‍රශ්නෙට වඩා මෙතන තියෙන්නේ වෙන අරමුණක්. තවත් කවුරුහරි මේකට සම්බන්දයක් තියෙනවා.
ලැයිසෝන් හම්බවෙනකම්වත් ඉන්න බැරිඋනාද?