අද දිනයේත් නැතින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 September 2023
ග්රහකයක පස් අරන් නාසා යානය එනවා විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්රහකයට ගොස්, එම ග්රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. 24 September 2023
ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයා වෙඩි තබා මරලා ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 23 September 2023
පොලිස් අණ නොතැකූ වෑන් රියට වෙඩි තංගල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ වෑන් රථයකට පොලිසිය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දි ටයර්වලට වෙඩි තබා අත්අඩංගවට ගත් බව පොලිසිය කියයි. 23 September 2023
බොරැල්ලේ සුපිරි කඩේ සිද්ධියට පහක් සැකපිට ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 23 September 2023
වේයන්ගොඩ කොන්ක්‍රීට් ගල් ගොඩක අත්බෝම්බ වේයන්ගොඩ ජයසූරිය මාවතේ තුන්වැනි මහලේ ඉදිකරමින් පවතින නිවසක කොන්ක්‍රීට් ගල්ගොඩක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 23 September 2023
කෘතිම බුද්ධියට ලාංකික තරුණයෝ දෙදෙනෙක්ගෙන් රජ වැඩක් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත. 23 September 2023
ක්‍රිමියාවේ රුසියා නාවික හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටි රුසියානු නාවික හමුදා මුලස්ථානයට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.සෙවස්ටොපෝල් නගරයේ ක්‍රිමියා වරායේ පිහිටි කලු මුහුදු බල ඇණියේ නාවික හමුදා මූලස්ථානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ. 23 September 2023
කිරිපිටි මිල වැඩි නොවේ ආනයනික කිරි පිටි සදහා බදු ඉහළ දැමුවද එම කිරි පිටි මිල වැඩි කරන්නේ නැතැයි කිරි පිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. 23 September 2023
‘‘කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි‘‘-ජුලි චන්ග් ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 23 September 2023
වතුකම්කරුවන්ට පර්චස් දහයක් වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය 23 September 2023
2023 යුරේකා සම්මානය කරූ එස්සැල්ලට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන 2023 වසරේ යුරේකා ත්‍යාගය හිමිකර ගැනීමට මහාචාර්ය කරූ එස්සැල්ල මහතා සමත්ව ඇත. 23 September 2023
ළමා නිවාසයේ දරුවා අතුරුදන් කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 23 September 2023
’’අල්ලසේ’’ නඩුවලින් බාගයක්ම අයින් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 23 September 2023
චොකලට් එකක් හොරා ගත්තැයි තරුණියට වටකරගෙන ගහලා සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් මහතා අද පැවැසීය. 23 September 2023
වාහන හැර රට බඩුවලට අවසර වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 23 September 2023
අයි.එම්.එෆ් දෙවැනි වාරිකයට පෙර ගිවිසුමට දිනයක් දෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය. 23 September 2023
සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත. bm 23 September 2023
අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. 23 September 2023
ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 23 September 2023
හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි. 23 September 2023
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තන්තුව කියයි. 23 September 2023
රැඳවියෝ දෙකක් පැන යති වීරවිල එළිමහන් සිර කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනකු ඊයේ රාත්‍රි බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. 23 September 2023
බැලුම්මහරදි බසයක් කන්ටේනරයක ගැටී 13ක් රෝහලට කොළඹ - මහනුවර මාර්ගයේ බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කොට තිබේ. 23 September 2023
හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 September 2023
කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 22 September 2023
විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 September 2023
කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (22) පැවසීය. 22 September 2023
ත්‍රිපෝෂ හදන්න සොයා සහ බඩ ඉරිඟු දෙයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය. 22 September 2023
ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත. 22 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026