(ප්‍රසංග පෙරේරා)

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.

අධිවේගී මාර්ගය දෙස සිට ජාඇල දෙසට ගමන් කරමින් තිබූ කාර් රථ ය එක් වරම මාර්ගයේ මැද ඇති දූපත කොටසෙහි වැදී පෙරළී මීටර් 20 ක් පමණ ඉදිරියට ඇදී ගිය බව සිද්ධිය දුටු අයෙක් පැවැසීය.

අනතුර සිදු වීමත් සමග මෝටර් රථ ය පදවාගෙන පැමිණි අය ඉන් ඉවතට පැත තිබේන. අනතුරින් කිසිවකුටත් තුවාල සිදු වී නැත

මෙම ස්ථානයේ රථ වාහන පෙරලීම්වලින් සිදු අනතුරු හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ ඉකුත් කාලයේ දී මරුමුවට පත්ව ඇති බවද ප්‍රදේශයේ ජනතාව පෙන්වා දුන්හ.