IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

අනුක්කනේ කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

එහිදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.

වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (3)

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා

Mottapala Friday, 26 April 2024 10:38 AM

ඇත්තටම මේ ගෑනිට ඉක්මනින් මානසික ප්‍රතිකාර දීමට මුලින්ම කටයුතු කරන්න ඕන මොකද කුඩා දරුවෙකුට ලක්ෂ හතරකට ආසන්න වටිනා පංචායුධ පැළදුවේ මොකටද මේක ඒ අම්මන්ඩි වුවමනාවෙන් කළ දෙයක් තමයි

:       1       13

Prabha Friday, 26 April 2024 03:39 PM

උණු වතුර බෝතල් හොරු පාර්ලිමේන්තු ගිය රටේ ඕකත් හොරකමක්ද?

:       0       4

විශ්ව Sunday, 28 April 2024 11:19 PM

චුට්ටක් අවිස්සාවෙල්ල රෝහල ඔහොම දෙයක් වෙලා හොරාව ඇල්ලුවා.එයාම වෙන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි
2024 මැයි මස 07 158 0

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක


2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප
2024 මැයි මස 07 173 0

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට ක


ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ
2024 මැයි මස 07 239 1

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ


මගියා බසයේදී මිය ගිහින්
2024 මැයි මස 07 287 0

කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා
2024 මැයි මස 07 521 3

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහ


මාමණ්ඩිය ඝාතනය කළ බෑණා අත්අඩංගුවට
2024 මැයි මස 07 277 0

මිතුරන් සමඟ එක්ව උදලු පහරදී සිය මාමණ්ඩිය ඝාතනය කළ බෑණා සහ ඔහුගේ මිතුරෙකු වවුනියාව සිදම්බරපුරම් මුරුගනූර් ප්‍රදේශයේදී අද (07) අලුයම සැකපිට අත්අඩංගුවටගත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 536 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1989 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1761 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site