
(විමුක්ති එස් රුද්‍රිගු)
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
පසුගිය වර යුක්රේනයට ලබා දුන් ආධාර පැකේජය යටතේ මෙම දිගු දුර බැලස්ටික් මිසයිල ලබා දුන් බවත් මෙම මසදී එම මිසයිල යුක්රේනයට ලැබී ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු පැවැසුහ.
යුක්රේනයේ මෙහෙයුම් ආරක්ෂාව වෙනුවෙන් ආධාර පැකේජයට දිගු දුර මිසයිල ඇතුලත් වන බව සඳහන් කිරීමෙන් වැළකී සිටි බවත් මේ වනවිට එලෙස ලබාදුන් දිගුදුර බැලස්ටික් මිසයිල අවම වශයෙන් එක් වතාවක් හෝ යුක්රේනය භාවිත කර ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.නව ආධාර පැකේජය යටතේද තවත් අවි යුක්රේනයට ලැබෙනු ඇතැයිද ඇමෙරිකානු බලධාරීහු පැවැසුහ.
මෙම මිසයිල භාවිත කරමින් කිලෝ මීටර 300 ක පරාසයක තිබෙන ඉලක්ක වලට පහරදිය හැකි බවත් මෙම මිසයිල යුක්රේනයට ලබා දීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී අනුමැතිය ලබා දුන් බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව යුක්රේනයට දුන්නාට කමක් නෑ. රුසියාව වෙනත් රටවලට දෙන්න බැහැ. මේකද ලෝක නීතිය? කෙහොම නමුත් දරුණු යුද්ධයක පෙරනිමිති පහළ වෙලා ඉවරයි...
ඇමරිකාව යුද්ධ වලට අවි සැපයීම තුළින්ම විනාශ වේ...
ඇමෙරිකාව ඔය කරන වැඩ හින්දා යුක්‍රේනය නැති වෙලාම යනවා .