(රෝෂන් තුෂාර)
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද(25) නියෝග කළේය.
ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දෙහිවල පදිංචි මොහොමඩ් මපාස් ඉත්තිකාර් සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු මෙරට ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් රැසකට මුදල් වංචා කර ඇති බවත්,ගල්කිස්ස අධිකරණයේ රුපියල් කෝටි 40ක් වංචා කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවත් , පොලිස් සැරයෙන් (23072)විජිත මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd