ලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධිත මුදල් ත්‍යාගයක් පිරිනමන බව අද (22) නිවේදනය කළේය. 22 September 2023
පේරාදෙණිය සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 September 2023
ජේලර්ගේ ගිනි අවිය ඉබේ පත්තු වේ බුස්ස බන්ධනාගාරයේ ජෙලරවරයකුගේ රාජකාරි ගිනි අවිය අද සවස පත්තුවි ඔහුගේ අතකට තුවාලවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 22 September 2023
පාන් සමග බීඩි කොටයක් දීලා මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් උදෑසන හමු වී තිබේ. 22 September 2023
ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 22 September 2023
ආගමික සහජීවනය පොලොන්නරුවෙන් ලොවට පෙන්වයි පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුවිය. 22 September 2023
සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 22 September 2023
උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (22) සවස දුම්රියක් පීළි පැනීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 22 September 2023
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහල බිමට වැටෙයි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් අද (22) පස්වරු 5.00 ට කඩා වැටුණි. 22 September 2023
නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය. 22 September 2023
බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්නේ නැහැ ’’බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2023
ෂම්මි-මොහාන් ඉල්ලු අතුරු තහනම විසිවෙයි “ශ්‍රී ලංකා ක්‍රිකට්”සභාපති ෂම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන්ට අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා වළකාලන්න අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (22) ප්‍රතික්ෂේප කළේය. 22 September 2023
ආනයනික කිරිපිටි බද්ද වැඩි කරයි ආනයනික කිරිපිටි සඳහා වන වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමූ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 22 September 2023
ගූගල් සිතියම සැමියා මැරුවයි බිරිඳගෙන් ගූගල් සමාගමට නඩු ගූගල් සිතියම ආධාරයෙන් රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව නඩු දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 22 September 2023
සිවාජිලිංගම්ට අධි චෝදනා බාර දී ඇප මත මුදා හරියි 2020 ”තිලීපන්” සමරු උත්සවය සංවිධානය කළ බවට ත්රස්ත්රවාදය වැළැක්වීමේ පනත යටතේ වු අධිචෝදනා පත්‍රය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (22) නියම කළේය” 22 September 2023
ඔස්ට්‍රෙිලියා සිහින පෙන්වා ගුරුවරියගේ සල්ලිවලට විදලා කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් ඕස්ට්‍රෙිලියාවට යවන බවට පවසා ඇගෙන් රුපියල් ලක්ෂ 75 ක මුදලක් වංචා කළ ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 22 September 2023
පොලිස් චෙක්පතක් සොරාගත් සැරයන් අත්අඩංගුවට පොලිස් ත්‍යාග මුදල් වශයෙන් ලැබී තිබු රුපියල් ලක්ෂ 7ක චෙක්පතක් වංචනික ලෙස මාරුකර මුදල් ලබාගෙන සිටි පොලිස් පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 September 2023
කෝටියක ටින් මාළු විනාශ කරයි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 22 September 2023
නිපා’ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වන ’නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල ආනයනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 22 September 2023
අනුර ඊබ්‍රහිම් ගැන කතා කරයි ඊබ්රාහිම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 September 2023
වගා හානිය අක්කර 70000යි නියඟය, වර්ෂාව සහ සේනා දළඹු හානිය නිසා යල කන්නයේ වගා අක්කර 70,000 කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 22 September 2023
සෞඛ්‍ය සේවකයෝ කෑම පැයේ පාරට බසිති රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් නොදීම නො දීමට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටළුවට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් රටපුරා රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ අද (22) දහවල් විරෝධය දැක්වූහ. 22 September 2023
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි. 22 September 2023
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි කොළඹ නගරයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට (23) පස්වරු 6.00 සිට පැය 12 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. 22 September 2023
Colombo Tea Tasters Excellence -සිංහ සමාජයෙන් ප්‍රජා සත්කාරයක් Colombo Tea Tasters Excellence -සිංහ සමාජය සහ කොටගල තේ වතු සමාගමේ දායකත්වයෙන්, කොටගල තේ වතු සමාගමේ ගැබිනි වතු සහයිකාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අතුළු වැඩසටහන් රැසක් පසුගියදා ස්ටෝනික්ලිෆ් වතු බෙහෙත් ශාලාවේදී සිදු කෙරිණි. 22 September 2023
රනිල් විනාඩි 25ක් එළියේ වාඩි කරලා පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 September 2023
රහීම්ට විරුද්ධව මැති සබයට තවත් යෝජනාවක් රුපියල් කෝටි අටක් වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් තාවකාලිකව ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද(22) ඉදිරිපත් කරනු ලැබීය. 22 September 2023
ධීවරයා හුළුගල්ල ජලාශයට බිලි නිකවැරටිය ,හුලුගල්ල , ජලාශයේ ,ධීවර කටයුතු සඳහා දියඹට ගිය ධීවරයෙකුගේ (50) සිරුර සහ ඔරුව දියඹේ පාවෙමින් තිබියදී සොයා ගත් බව නිකවැරටිය පොලීසිය පැවසීය. 22 September 2023
නාගපට්ටිනම්-ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත. 22 September 2023
පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීම සහ එහි නිලධාරීන් 700 දෙනකුට පිටරට ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් හෙයින් ඒ ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026