
( සුමිත් පොතුපිටිය)
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .
අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා.මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදී කණ්ඩායමක් පිහිටවනවා.
අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා.මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි.ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කලා . මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ඩොරා හොරෙක් පොලිසියට කියනවා හොරු අල්ලන්න කියලා
එතකොට උසාවි වලින් වැඩක් නැහැ , හිතුන හිතුන පොලිස්කාරයා ඕනේ කෙනෙක්ට වෙඩි තියල දායි
වරෙල්ලාකෝ ඡන්දේ ඉල්ලගෙන දෙන්නම් අපේ වැපන් වලින්
අතේ තියන වෙපන් එක හරි විදියට පාවිච්චි කරනවා නම්, රාජපක්ෂලා එක්ක එකතු වෙලා කොටින්ට සල්ලී දුන්නා, සුනාමියෙන් අනාත වුණ උතුරු නැගෙනහිර මිනිසුන්ට ගෙවල් හදන්න දුන්න සල්ලී පිල්ලී ගැහුවා ඔතන ඉන්පනල් හොරාගේ ඔලුව කුඩු වෙන්නම තියන්න ඕනා.
රටේම දෙමාපියන් ඔබ සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමගයි
ආයුධ හරි විදියට පාවිච්චි කෙරුවා නම් මෙලහකට ඇමැතිතුමාලා වගේ තක්කඩි ජීවත්වෙලා ඉන්නේ නෑ.
අති භයානක ප්‍රකාශයක්. නුදුරේදීම තමන්ට අත් වන්නට යන ඉරණම සිහි වී ලේ පිපාසිත පාලකයින් මරුවිකල්ලෙන් දොඩවනවා. රන්ජන් විජේරත්න අවසන් ගමන් ගිය හැටි අමතකද උන්නැහැ? පොලිස්කාරයෝ අමාරුවේ වැටුණුවිට ඔය ප්‍රතිඥා දෙන දේශපාලකයෝ අහලකවත් නැහැ. තුවක්කුව පත්තුකිරීමට පෙර අනුර සේනානායකට වාස්ගුණවර්ධනට සිදුවූ දේ සිහියේ තබා ගතහොත් මැනවි...
අපි නම් අපේ බැලට් එක පාවිච්චි කරන්න බය වෙන්නේ නැහැ. ඊ ළඟ ඡන්දෙදී ජනතාව ගොනාට අන්දවන අයව ගෙදර යවන්න...!
සුදු වෑන් ඝාතන අතුරුදහන්, මිනීමෝරු කරවපු, ඝාතකයෝ ඉන්නේ දියවන්නාවේ. මුලින්ම වෙපන් එක පාවිච්චි කරන්න තිබුනේ ඔවුන්ට...!
කුඩ්ඩන්ට මල පැනලා .
පිරිසිදු දෑතක් ඇති කෙනෙක් ඔය කතාව කීවානම් ප්‍රශ්නයක් නැහැ. ඔයිට වැඩිය ලොකු කොන්ඩෙ සුදු ,හොඳ වැඩකාරයෙක් හිටියා රන්ජන් විජේරත්න කියලා.නමුත් එයා දන්නෙත් නැතිව ,එයාගාවම හිටපු කට්ටියක් මිනිහාව දෙසැරයක් රෝස් කළා.හැබැයි මරණයේ වගකීම දැම්මේ කොටින්ගේ එකවුන්ට් එකට. තමන් වපුරපු ඒවාම තමයි තමන්ට නෙලාගන්න වෙන්නේ.කොටි ත්‍රස්තවාදීන්ට මහජන මුදල් රුපියල් මිලියන 600 ක කප්පමක් ගෙනිහින් දුන්නේ ඔය චන්ඩියෙක් වගේ වෙපන් ගැන කතාකරන ටිරාන් සුදු කොන්ඩයා නොවෙයිද ? බලාගෙන ..ඒ නඩු ආයෙත් දවසක එනවා.
මේ මිනිහගේ කටේ දෙපැත්තෙන් ලේ පෙරෙනවා වගේ. මල මිනියක්ද නැත්නම් මල පෙරේතයෙක්ද?
කොටි ටිරාන් ,ඔය වෙපන් එක ගහගන්නවා තමුසෙගෙ *කේ .
නියමයි ටිරාන් අලස් මහත්තයෝ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි අපරාද මර්ධනය කරන්න. ඔබේ ක්‍රමයට විරුද්ද වන්නේ කොතනින් හෝ අපරාධ වලට සම්බන්ද එවුන්.
ඔව් ඔව් වෙපන් පාවිච්චි කරපල්ලා... අන්තිමට ඔබලාට හිරේ වැටුණාම මෙයා ඇවිල්ලා කන්න දෙයි... ඔබලාගේ පවුල්වලට ඔබලා හිරේ ඉඳියි...