
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
මීට නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ට මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ සහ, නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සපයන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වගාව සඳහා එක් ගොවියකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන් රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබේ. ඉතිරි ලක්ෂ 6ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරා ගත යුතු වෙයි. ස්ට්‍රොබෙරි වගාව සඳහා ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර ඇතැයි ද මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated) දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව බොහෝ ගම්වල හැදුවා... කජුගම වගේ... තිබුණ දේත් නැතිකලා.... ඕවට පෞද්ගලික අංශයට ඉඩදී උදව් කරන්න...අර අඹේවෙල කිරි ගොවිපල වගේ....
මෙච්චර රසවත් ගුණවත් පලතුරු තියෙන රටේ...අනේ අනිච්චං...
කොයිදේටත් ඉතින් සල්ලි නොව ඉස්සරහට දාගන්නේ...!
කොච්චර ස්ට්‍රෝබෙරි වැවුවත් ගණන් අඩු වෙන්නේ නෑ. නුවර එළියේත් කොළඹ ගණන්මයි...
කැලිෆෝර්නියාවේ ඔය බෝගය වවන්නෙ බිම. අට්ටාල මත නොවෙයි. පාත්ති සාදා ඒවා කලු පොලිතින් වලින් වසා සිදුරු සාදා පැල සිටිනවා.
එංගලන්තේ මේවා වගා කරන්නේ අපේ රටේ තක්කාලි වවන්න වගේ ඉතා සරල අඩු වියදමෙන් ,අපේ රටේ මේවා වගාව මෝඩ ගොන් වැඩ .මුදල් ගසා කෑමට මේවා කරන්නේ