(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇත.
අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.
විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබේ.
පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඩු හාල් දරුවන්ට කන්න. දීලා දෙමව් පියන් ගොනාට අන්ෆ්හලා රජ වෙන්නඇති හිතන් ඉන්නෙ. කපුටා පාටත් වෙනස් කර ගනියි. සේරම බයියො දැන් දන්නවා රනිල් විතර්ස්‍යි ඉන්නෙ බේර ගන්න කියලා. රනිල් කොහොමද රටක් පාලනය කරන්නෙ නිතියක් දන්නෙනැති ගොනෙක්. හොරුන් ආරක්ශා කෙරුවම. තව්ස්ත් හොරු බිහි වෙනවා. එක හොරෙක් ඇල්ලුවානම් අනිත් හොරුත් එලියට එනවා. රනිල්ලොකුම හොරා ඒ නිස අනිත් උන්ව අත් අඩන්ගුවට ගන්න බැහැ කිසිම කෙනෙක් රනිල්ට චන්ද්ස්‍ය දෙන්න එපා අනුකම්පාව තියෙන්නෙ බලය නැති වෙන්න ලග නිසා මතකනේ කොහොමද මුලින්ම පටන් ගත්තෙ පාලනය. මනුස්සයින්ට වදදිලා. අපේ උන්ට මුල මතක නැහැ. ඉලන්දාරි කඩේ යනවා දැන් රනිල්ට.
සංවර්ධන කටයුතු සදහා දේශපාලුවො සහභාගී වීමෙන් සාර්ථක සංවර්ධනයක් වෙන්නෙ නැහැ අතීතයේ ගම්වල තිබුනු ග්‍රාම සංවර්ධන සමිති හරහා නාස්තියක් ,දූෂණයක් නැති සංවර්ධන කටයුතු සිදුවුණා ඒ කාලයේ සංවර්ධන කටයුතක් කලාම ලාභයක් තිබුනා නම් ඒකත් සමිතියේ ගිණුමට එකතුකර සමිති ශක්තිමත් කලා එකල ගමකට පාරක් නැත්නම් ගමම එකතුවෙලා ගැහැනු පිරිමි භේදයකින් තොරව සංවර්ධන කටයුතු කලා දැන් කරන්නෙ පාරක වලක් තිබුනත් ඒක තියෙන තැනට මාධ්‍යවේදීන් ගෙනවිත් උද්ඝෝෂණයක් කිරීම තමයි එයට ප්‍රධානම හේතුව දේශපාලුවන්ට උන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ජනතා මුදල් ව්‍යාපෘති කිරීමට වෙන්කිරීම තමයි ප්‍රේමදාස ජනාධිපති කාලයේ ජනසවිය යටතේ කලේත් සංවර්ධන කටයුතු වුනත් සමුර්ධි සෙල්ලම හරහා එහෙම සැලසුමක් ඇත්තෙම නැහැ එනිසා රට හදන්න සැබෑම උවමනාවක් තියෙනවා නම් දේශපාලුවන්ට සංවර්ධන කටයුතු සදහා මුදල් ලබාදීම නොකල යුතුය
බලාගෙන ගියහම ඔක්කොම හොරු ටික පින්පති තුමා ගේ පිහිටෙන් ගොදයන්න් බලාගෙන ඉන්නේ
ලංකාව මුන්ගෙ බූදලේ වගේ, වරෙල්ල ඕන වේශයකින්, හාල් වලට රැවටෙන ප්‍රතිශතය අවමයි. එක හඩින් රටම මාලිමාවට.
01 බැසිල්ට මොළ හතක් තියෙනවා කිව්වට වත්මන් ආණ්ඩුවේ නහින දෙහින කාලයේ නිසා ඇමරිකානුවා රනිල්ට ඇතිවෙන්න ලුණු ගොරකා ගෙනාවද දන්නෙ නැහැ 02 ඊළඟට ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවේ තනතුරු දරන්න බැරිනම් එවැනි කෙනෙකුගේ නායකත්වය තියෙන පක්ෂයේ කිසිවෙකුටත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිම සධාචාරවත් අයිතිවාසිකම් තියෙන්නත් බැහැ..
කොහොම හරි හොරාකන්න පොටක් මුන් හොයාගන්නවා
පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නෙ රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුවලු. එතකොට රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නෙ කවු ද? මොන පක්ෂයෙන් ද? අනික එතකොට රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්න පෙර මේ වසරට ව්‍යවස්ථානුකූලව නියමිත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ව්‍යවස්ථානුතූලව කෙසේ වෙතත් විධායක බලතල යටතේ ඒකත් කල යුත්තෙ රනිල් නෙවෙයි ද? නො කළොත්.... රනිල අපේක්ෂකය වෙන්නෙත් නෑ, එතකොට පොහොට්ටුවට අපේක්ෂකයෙක් අවශ්‍යත් නැහැ. විවාද කරන්න ඉන්න බලවේග කට්ටල දෙකෙත් එන්ජින් ඉබේම නිවෙනවා. මේ කතාව නේ ද ඊයෙ රෑ (24) දෙදෙනා සාකච්ඡා කරල තියෙන්නෙ. තව හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙටලු.
රටේ පාලනය තමන්ගේ පරම්පරාවේ බුදලේ කියලා හිතපු කාලේ ඉවරයි.