
(යොහාන් භාසුර)
කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.
පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබුණු විගස කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කර මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු යැයි පැවසුවේ නැති බවත් මුස්ලිම් ප්‍රජාව තමන්ට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේදී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණක් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් තමන්ට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කළ ලිපිය පහත දැක්වේ.
_උපුටා ගැනීම_
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.
•පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා සිදුවෙන බැවින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.
•මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත්, ඉතිරි වෙළුම් එතුමාට ලබා නොදුන් බව.
•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ වලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින් අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බව.
•පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු වීම් ලබා දී, එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.
පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි.මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.
කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කළ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලැයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.
2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.
අදාළ CID අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුල දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදු කරන ලද වව්නතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ එම අධ්‍යක්ෂකවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසම ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂකවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේ දී මට චෝදනා කර සිටියේ ය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නේ දේශපාලනඥයින් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ CIDය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්‍ෂණය කළ යුතුය.
ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිලු... එතකොට අර ඇඳුම් බෑගුත් අරං ගියේ?
අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කරපු කතාව අහලා බලන්න... කාදිනල් හිමිගේ කතාව නිවැරැදියි කියලා හොඳට ඔප්පු වෙනවා.
ගෝටාබය රාජපක්‍ෂට මේ විහිළු ලියා දෙන්නේ කවුද යන්න පලමුව සොයා බැලිය යුතුය. කාදිනල් හිමියන් කිව්වත්, නොකිව්වත් මේ රටේ සියළු ජනතාව ම ගෝටා ජනාධිපති වූ පසු කරන කියන ලද සියල්ල ඉතා හොඳින් දනී. ඒ බව ගෝටාට රටෙන් ද පැනයාමට සිද්ධ වීමෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නැති බව පෙනේ. කවුරු කෙසේ කීවත් මේ පාස්කු සිද්ධිය පසුපස සිටි සියල්ල ගැන හොඳින් දන්න පිරිසක් ද සිටින බවත්, එය ඉදිරියේදී හෙලිවෙන බවත්, ගෝටාට සහ සිරිසේනට වෙන දේ එදාට බලාගත හැකිවෙනු ඇතැයි ගෝටා ද, ඔය ලියන් අප්පුලාද හොඳින් මතක තබා ගත යුතුය.
බුද්ධියක් ඇති කෙනෙකුට මේ ලියුමම ඇති... සියල්ල තීරණය කිරීමට...
සවුභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට කටයුතු කරපු තමුන්වත් මුලුමහත් ජනතාවම ප්‍රතික්ෂේප කරලා හමාරයි. ආරක්ෂාවට වගකියන නායකයා කියලයි බලයට ආවේ. සුද්දවන්තයෝ වෙන්න හැදුවාට ලෝකෙම දන්නවා...
වහල් මෝඩයින් විශ්වාස කළාට හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. කල කල දේ... ඵල ඵල දේ...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියල්ලා. දෙවියන්ගේ ශාපය අත්වේවා...!
සදට සුනඛයෝ බුරා හැලෙනවා .පල්ලියෙන් දෙන ඉදුල් බුදිනවා.
“රාජ්‍ය නිළධාරින් පත් කිරීම උසස් කිරීම විනය පාලනය කැබිනට් මණ්ඩලය සතුය. කැබිනට් මණ්ඩලය කැමැති කාලයක්.....“ එහෙම වගන්තියක් තියෙන ආයතන සංග්‍රහයකින් පාලනය වන රාජ්‍ය සේවයකට දොස් කීමට දේශපාලකයෙකුට අයිතියක් තිබේ ද?
පිළිගනී කියලා හිතාගෙන හිටියෙත් නෑ
පරගලේ කරපු මෝඩයෝ ලෝගු කාරයන්ගේ සෙල්ලම් ලෙල්ලම් වලට රැවටිලා
ඔබ දැක්කද දියවන්නාවටම නාකි වෙච්ච කලින් එජාපෙ ඉඳන් පස්සේ කාලෙක සාටක රංචුවට එකතුවෙච්ච මෙලෝ වැඩකට නැති රට කාපු ගොයියෙක් කියනවා අරන්තලාවේ හාමුදුරුවරු මැරුවට , ජය ශ්‍රී මහා බෝධිය ළඟ බවුද්ධයන් මැරුවට අපේ මහා නායක හාමුදුරුවරු කවුරුවත් ඒ මරා දැමු ජනතාවට යුක්තිය ඉල්ලා පෙළපාලි උද්ඝෝෂණ කලේ නැතිලු, කාදිනල් තුමාට විතරලු මේ අමුතු කැක්කුමක් තියෙන්නේ කියලා. ඔන්න බලන්න මේ කාලකන්නි දේසපාලුවෝ හිතන අමන විදිය. ඊළඟ මැතිවරනෙන් පස්සේ මේ රට මේ කලකන්නින්ගෙන් අනිවාර්යයෙන්ම නිදහස් කර ගත යුතුයි.
නාමල් ,මහින්ද රාජපක්ෂ වගේ කොන්ද තිබුන මිනිහෙක් හිටිය නිසා තමයි අපේ රණවිරුවන් යුද්ධය ජයග්‍රහණය කරේ .ඒ දවස් වල බල්ලො වලේ මිනිස්සු බෝම්බ පුපුර ල පාරවල් ගානේ මැරුනේ , අද මේ රෙටේ මිනිස්සු භුක්ති විදින්නේ ඒ නිදහස කලගුණ දන්නේ නැති කුහකයා තොටයි හෙන වදින්න ඕනේ
මට හිතෙන හැටියට ...මෙතන නෙගටිව් කොමෙන්ට්ස් ක්ලික් කරන කණ්ඩායම ,පාස්කු ප්‍රහාරය අනුමත කරන හෝ ඊට අනුබලදුන්න , අහිංසකයින්ගේ " ලේ " බලන්න විකුර්ති ආශා ඇති මන්ද මානසික රෝගීන් රැසක්.එහෙමත් නැතිනම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරු ම්ලේච්චයින්ගේ අසුචි කන ,කුලියට කොමෙන්ට්ස් දමන නිකමුන් රැසක්.සමහරවිට " දවසක " ඔය කොමෙන්ට්ස් ක්ලික් වල "ඉන්ටර්නෙට් අයිඩී " එහෙමත් එලියට එන්න පුළුවන්.
බලලෝබි දූෂිත දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ.කට ඇරියොත් කියන්නෙම ටොම්පච කියලා අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.කාදිනල්තුමාට බොරු කියන්ඩ කිසිම උවමනාවක් නැහැ.එතුමා සත්‍ය , යුක්තිය ,සාධාරනය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් .
නියමයි ඝෝඨාභය මහත්තයෝ නිශබ්දව ඉන්නකොට ගෝනි නැතුව කරේ නගින්න එනවා. දැන් කාදිනල් නාන්නත්තාර වෙලා ඉන්නේ. අපි හොඳම දන්නවා හම්බයෝ දෙමල්ලු ඔබට චන්දෙ නොදුන්න බව. ඔබ බලයට ආවේ සිංහල බෞද්ධ චන්ද වලින්. ඔබ කතාවට දක්ෂයෙක් නොවීම ඔබට විශාල පාඩුවක් උනා. සිංහල බෞද්ධ අපි කවදත් ඔබ වෙනුවෙන් කතා කරනවා. නැතිනම් අපි ගුණමකුවෝ.
පාස්කු ප්‍රහාරය වෙන්නේ UNP ආණ්ඩුවක් යටතේ, චෝදනා එල්ල වෙන්නේ ගෝටට, එක කරේ තියන් දුවන අයත් ඉන්නවා. ගෝටට කිසිම මුස්ලිම් චන්ද ලැබුනෙත් නැහැ. රට දියුණු නොවෙන එක අහන්නත් දෙයක්ද මෙහෙම කියන ඕන දෙයක් පිළිගන්න මෝඩයෝ ඉන්න රටක.
අපේ රට විදේශිකයන්ට යටත් උනේ වරදාන වරප්‍රසාද වලට කතෝලික ආගම වැළඳ ගත්තු පාවදෙන්නෝ නිසා .1815 න් පස්සේ බලෙන් ඉංග්‍රීසි ඉඩම් අල්ලාගෙන හදපු පල්ලි පාසල් හදලා තියෙන්නේ හාමුදුරුවරු මරලා පන්සල් ඉඩම් බලෙන් අල්ලාගෙන . දළදා මාලිගා ඉඩමේත් මාලිගාවට එහාපැත්තෙ පල්ලියක් හදලා අදටත් තියනවා . ඉසේල්ලම කාදිනල් ඒ වැරදි නිවැරදි කරන්න ඕනේ සාධාරණ හැමට පිළිගත හැකි ආගමික නායකයෙක් වෙන්න .
කාදිනල් හිමිපාණෝ කතා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන මිස අන් කිසිවක් ගැන නොවේ. ජවිපෙ සහ එල්.ටී.ටී.ඊ. සහ අනෙකුත් දේශපාලන භක්තිකයන් විසින් සිදු කරන ලද අනෙකුත් සමූලඝාතන සහ සාහසික අපරාධ ගැන කුමක් කිව හැකිද? පල්ලිය උත්සාහ කරන්නේ එම ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමටත් සෑම දෙයක්ම දේශපාලනඥයන්ට පැටවීමටත් අවශ්‍ය බව එක දෙයක් පැහැදිලිය.
ප්‍රසිද්ධියේ බොරු කියලා ජනතාව රවට්ටන්න දක්ෂ කවුද කියලා මුළු රටම දන්නවා
බලය ලබාගන්න අහිංසකයන් මරවපු සාපය වදිනවා
බලෙන් ගෝඨාභය වැරැදිකරු කරන්න හැදුවාට බැහැ. ඔවුන් අදහන දෙවියන් පවා ඒක දන්නා නිසා තමයි අවුරුදු පහක් ගිහිල්ලත් එකම තැන... මොකද මේකට තමන් අකැමැති කෙනා වැරැදිකරු කරන්න බැහැනේ. එහෙනම් යහපාලන රනිල් මෛත්‍රී එවකට හිටිය අය පොල් ගාලාද...? හොඳට පැහැදිලියි... මේක මහ මොලකදරු කතාවක් නැහැ. පිස්සෝ සෙට් එකක් කරපු වැඩක්. කොහොමත් අන්තවාදය ඔලුවට ගැහුවාම ඉස්සරහක් පස්සක් පේන්නෑ... තව අවුරුදු සීයක් ගියත් මේක මෙච්චරයි. මහ මොලකරුවෝයි, පොඩි මොලකරුවෝයි ඔක්කෝම ඉවරයි..!
රදගුරු විසින් පාස්කු මරණ සහ වින්දිතයන් දේශපාලන කැම්පේන් එකකට යොදවමින් සැබෑව සැඟවීමට එක්තරා ආකාරයක උත්සාහයක් දරන බව පෙනී යනවා. ගෝඨා කියන මෝඩ අදූරශර්ශී පාලකයා සහ මෛත්‍රී කියන කාලකන්නියා එම කැම්පේන් එකේ ගොදුරක් වෙන්නේ බෞද්ධ වීම නිසා බවත් පේනවා. ඒක මහ පහත් වැඩක් හැබැයි.
ගෝඨා කියන්නේ අසාර්ථක පාලකයෙක්. ඒත් පාස්කු ප්‍රහාරේ නම් උගේ කරේ එල්ලන්න බලන් ඉන්නේ දේශපාලන කුහක සෙට් එකක් බව තේරෙනවා. එච්චර ගේමක් ප්ලෑන් කරන්න මොලයක් තිබ්බ නම් තමන්ට බලේ හම්බුණු වෙලේ ගේමක් ගහලා තෙල් ටික ගෙනත් අරගල සෙට් එක ගෙදර යවන්න තිබ්බනේ. ඔය රනිල් ඒව ටික ඔක්කොම ගොඩ දැම්මෙ සතියෙන්.
කාදිනල් හිමි පානන්ටද යමක් පෑටලී ඈතිබව හෝ පටලවාගෙන ඈති බව පෑහෑදිලියි. උන් වහන්සේගේ කතාවේදි එවක පෑවති රජයට සහ ඈමති මණ්ඩලයට, රාජ්‍ය නිලධාරින්ට, ආරක්ෂක අංශ වලට හෝ අධිකරණ පද්ධතියට කිසිදු චෝදනාවක් කරන්නේ නෑත. පසුව පැමිණි රජයට චෝදනා කරනවා.
පොතක් අනුන් ලවා ලියවලා, කාදිනල්තුමා කියන කතා ප්‍රතික්ෂේප කරලා පව් හෝදගන්න හැදුවාට බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත රාජපක්ෂලා කවුද කියලා ලෝකේම දන්නවා...