(ගයාන් සූරිය ආරච්චි)

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36 ක පුද්ගලයෙකු වන වන අතර යාය 10, නුගගොල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පොලිසිය කියයි.

සැකකරු සොයා ගත් ටී පනස් අය ගිනි අවිය නුග ගොල්ල ප්‍රදේශයේ බුදු පිළිමයක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන විමර්ශන ආරම්භ කර තිබුණි.