(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින  වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු  වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැබීය.

එම සංසදයේ සභාපතිවරයා ලෙස පත්වූයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු අනුශාසකවරුන් ලෙසද විශේෂඥ වෛද්‍ය සූදාර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන උපසභාපතිවරුන් ලෙසද වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා කැඳවුම්කරු ලෙසද වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා නියෝජ්‍ය කැඳවුම්කරු ලෙසද මෙහිදී තේරී පත් වූහ.

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ බිඳවැටී තිබුණු විශ්වාසය කෙටි කලකින් යළි තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගත් උත්සාහය  මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර් ජාතික පාර්ලිමේන්තුව වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංගමයේද සාමාජිකත්වය දරයි.