
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා යෝජනාව ස්ථිර කළේය.
91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මහතා මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අවුරුදු 91 වෙලත් මහජන සේවයට තියන කැමැත්ත .මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැතිව ගෙදර ඉඳලත් රට හදන්න ප්ලෑන් කරන හැටි
පඩි දිදී තියාගන්නම වටිනා කුහක මිනිහා .වෛරය වපුරපු එක විතරයි කරේ .නෙදකින් .මනුස්ස්සකම් විතරයි දැක්කේ
දෙමළ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය පිළිබඳ විශ්වාසය යළි ගොඩ නැගූ ඉතාමත් ගෞරවණීය දේශපාලනඥයෙක්.
දැන් මේ ඔක්කොම ගෙවන්නේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු එක්කෙනාගේ පඩි තකෙන්ද?
වයසත් 91 නම්, ඉන්නත් අමාරු නම්, ඇයි තවත් බදාගෙන ඉන්නෙ. නම්බු පිටින් ඉල්ලා අස්වෙලා වෙන කෙනෙකුට දුන්න නම් ඉවරයිනේ
සාමාන්‍ය විශ්‍රාම වයස පහුවෙලා අවුරුදු 31 කුත් ඉක්මවලා
ඕවා මොනවාද, 2048 වෙනකල් ඉන්නත් එක්කෙනෙක් බලාගෙන ඉන්නේ...!
මේවා අපේ මුදල්...!