උණ්ඩු ගොඩක් එක්ක පාතාල ගෝලයෝ දෙන්නෙක් මාට්ටු විදේශ රටක සැඟව මෙරට පාතාල මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 250 ක්, සමග ජාඇළ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 21 September 2023
අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධයේ 2008 වසරේදී තරුණයන් 11 ක් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට වසර 15 ක් ගත වුවද තවමත් සාධාරණය ඉටු වී නැතැයි චෝදනා කරමින් එම තරුණයන්ගේ මව්පියෝ සහ අතුරුදහන් වූවන්ගේ සංගමයේ පිරිසක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පෙරවරුවේ පැවැත්වූහ. 21 September 2023
ගුණතිලකගේ නඩුවේ අවසන් තීන්දුව 28 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පැමිණිලිකාරිය හඳුනා ගැනීමෙන් පසු ඇය සමඟ සම්බන්ධය දිගටම පවත්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිලිකාරිය සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඇයට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අද(21) අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. 21 September 2023
තේ අරමුදලේ කෝටි 987ක් වියදම් කරලා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ රුපියල් කෝටි 987 ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය. 21 September 2023
නවගමුවේ පිංකැටවලට මුද්‍රා තබයි වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසයි. 21 September 2023
මෛත්‍රීගේ චෝදනා පත්‍රයට අධිකරණයෙන් වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපියට අනුව කටයුතු කිරීමෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය. 21 September 2023
පී.සී පොලිසියේ දී බිරියට පිහියෙන් අනින්න ගිහින් පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට කැඳවූ පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය පොලිසිය තුළදී ද බහින් බස් වී පසුව බිරියට පිහියෙන් අනින්න ගිය කොස්තාපල් සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 September 2023
නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ් නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 28 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 21 September 2023
පාස්කු සිද්ධියේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත. 21 September 2023
ජනපති අද එජා මහ සමුළුව අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(21) අමතයි. 21 September 2023
ජාතික රෝහලේ ශල්‍යාගාර - දැඩි සත්කාර සෞඛ්‍ය සේවකයන් පිරිසිදු කළ යුතුයි කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පිරිසිදු කිරීම සෞඛ්‍ය සේවකයන් ඉටුකළ යුතු යැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පත්කළ කමිටුවකින් නිර්දෙශ කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති. 21 September 2023
පාස්කු ප්‍රහාරය ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21)පැවසීය. 21 September 2023
’’වචනයෙන් දෙන සහය ක්‍රියාවෙනුත් අවශ්‍යයි’’ මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 21 September 2023
ජනපති කාර්යාලයේ වාහන ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක් ජනාධිපති කාර්යාලය යන පුවරුව ප්‍රදර්ශනය කරමින් යම් වාහනයක් ධාවනය කරන්නේ නම් එම වාහන ජනතාව රැවටීම සඳහා එසේ කරන බව වැඩ බලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය පවසයි. 21 September 2023
මූල්‍ය අරමුදල ලංකාව ගැන සතුටින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒම මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝර්ක් නිව්යෝර්ක් නුවරදී පැවසුවාය. 21 September 2023
පෝර ගන්න හෙක්ටයාරයකට 15000ක් දෙයි මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 September 2023
ජනපති ඇමරිකා යද්දි ගෙන ගිය පිරිසක් ගැන සජිත්ගෙන් චෝදනාවක් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසකුත් කැඳවාගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය. 21 September 2023
උසස් පෙළට දින ලබන සතියේ කියයි අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය. 21 September 2023
රාජකාරියට ගිය ස්ථානාධිපතිට-කොස්තාපල්වරුන් දෙදෙනාට අලි ගහලා කන්තලේ වැව් රක්ෂිතයේ ඇති දිය පොත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. 21 September 2023
පොලිස් වෛද්‍ය සේවා නේවාසිකාගරය අසළ ජීව උණ්ඩ කොළඹ 5, කිරුළ පාරේ පිහිටි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ නිලධාරීන් රැඳී සිටින නේවාසිකාගාරයට අයත් නිවසක් අසල තිබී විවිධ වර්ග වලට අයත්ජී ව උණ්ඩ නමයක් සොයාගත් බව පොලීසිය කියයි. 21 September 2023
ඔට්ටුවට රේස් පැද්ද හතරක් අත්අඩංගුවට පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 21 September 2023
අල්ලස්ගත් මහවැලි නිලධාරියා මාට්ටු රුපියල් 75000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන නොච්චියාගම මහවැලිඅධිකාරියේ වැඩබලන කළමනාකාරවරයා අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කාර්යාලය තුළදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 21 September 2023
පිටසක්වළයන් ගැන අලුත් අනාවරණයක් මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, එම සිරුරු බොරු යැයි කීමට සාක්ෂි නොමැති බවත් මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායමක් පවසයි. 21 September 2023
ඉන්දියාවෙන් හිස එසවූ ‘නීපා’ තවත් රටවල්වලට පැතිරිලා ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 September 2023
තීලීපන්ගේ පෙළපාලිය වීඩියෝ කළ පී.සී. පන්නා දමලා උපවාසයක නිරතව සිටිය දී මියගිය එල්ටීටීඊ සාමාජිකයකු වන තිලීපන් නැමැත්තා සිහිකරමින් මන්නාරම දක්වා ගමන්ගත්රථ පෙළපාලියක් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අල්ල ඔහුගේ කැමරාවේ තිබූ විඩියෝ මකා දමනා ඔහු පන්නා දමා ඇතැයි පොලිසිය කියයි. 21 September 2023
පළාත් තුනකට-දිසා දෙකකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 September 2023
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙකක් මරුට:දෙකක් රෝහලට අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 September 2023
විශ්‍රාමික සෙබලිය රට යවා ගනිකා වෘතියේ යොදවලා විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා එහි දී ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව කියන මෙරට ජාවාරම්කාර කාන්තවක් තඹුත්තේගම ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්රී්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුව ගනු ලැබුවාය. 20 September 2023
නැ‘හිර ආණ්ඩුකාරවරයාගෙන් චෝදනාවක් තිලීපන් සැමරැම් රථ පෙලපාලියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහල ජනයා වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතින් අතර සංහිඳියාව හා සමගිය විනාශවු බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවැසිය. 20 September 2023
’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගීවී නැතැයි වාර්තා වේ. 20 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026