(මනෝප්‍රිය ගුණසේකර)
ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද? යන්න පිළිබඳව රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය භාන්ඩාගාර ලේකම්වරයාට අද (22) නියම කළාය.
සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ අරමුල්වලින් පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවද රහස් පොලිසියට බාර දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය භාන්ඩාගාර ලේකම්වරයාට වැඩිදුරටත් නියම කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කියන්නේ සාංඝික දේපලක් වගේ මේවා අවභාවිතා කරන බයියෙක් හින්දා... රටක් හැදෙන්න නම් විනයක් අවශ්‍යයයි.