වෙඩික්කරුට නවාතැන් දුන්නැයි බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට ගලපිටමඩ දුනුමාල හංදිය ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 14දින පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුට නිවසේ නවාතැන් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 September 2023
උසස් පෙළ පැවැත්වෙන දිනය ගැන විශේෂ ප්‍රකාශයක් අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 September 2023
කෝටි එකහමාරක හෂීෂ් රේගු දැලේ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 20 September 2023
ජනපති බංග්ලාදේශ අගමැතිනිය හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විය. 20 September 2023
කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලබලයක් කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ කිසියම් පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට ගල්මුල් වලින් පහරදී දේපල වලට හානිකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි . 20 September 2023
නොකියා රට ගිය හෙදියට දිගටම පඩි හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ . 19 September 2023
සෞන්දර්ය කලා සිසුන්ගේ අවසන් ප්‍රදර්ශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ අවසන් වසර සිසුන් උපාධි සඳහා වන ප්‍රදර්ශනය කොළඹ 7, ජේ.ඩී.ඒ. කලාගාරයේදී අද (19) පැවැත්විණි. 19 September 2023
රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 September 2023
ජනපති ජගත් සමුළුවට එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද(19) ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ. 19 September 2023
අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු සිවුරු දරාගත් අයෙක් මාට්ටු අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 19 September 2023
තිලීපන් සමරුව: කොළඹ-අවට පොලිසි 12 ක් සීරුවෙන් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ව සිට මියගිය රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ නගරයේ හෝ ඒ අවට අනුස්මරණ උත්සව පවත්වා ඉන් සාමය කඩවීමේ සහ මහජන පීඩාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ පොලිස් ස්ථාන 12කට අද (19) නියෝගයක් නිකුත් කළේය. 19 September 2023
හිරකරුවාගේ බඩේ සුරුට්ටු අසූවක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවකුගේ කුස තුළ තිබී දුම්කොළ සුරුට්ටු 80ක් අද (19) සොයාගත් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 19 September 2023
හෙරොයින් - අයිස් බිවුව කොස්තාපල්ට වැඩ වරදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ ඊයේ (18) සිට තහනමට ලක් කළ බව පොලිසිය කියයි. 19 September 2023
බිරිය ගියැයි දරුවන්ට වසදී පියත් වස බීල පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු සිට 11, 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කෑම වලට වස දමා ඔහුද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 19 September 2023
පාසල් ගිය දියණිත් රැගෙන ගිය පියාත් පාර මැද වළකට වැටිලා ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර වළකට යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත. 19 September 2023
සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සැකකරුවෝ අල්ලති පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 19 September 2023
වගා නොකරන ඉඩම් වලට බද්දක් මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
තිලීපන්ගේ ගුණ මුලතිව්හීි දී සමරයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ 36 වන ගුණ සැමරුම මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. 19 September 2023
මන්ත්‍රී උද්දිකට වෙඩි තැබූවන් වහාම අල්ලන්න අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල්වි මර්ශනයක් සිදු කර ඊට අදාළ සියලු සැකකරුවන් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අද නියෝග කළේය. 19 September 2023
ලංකාව චිකාගෝවක් වෙලා ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 19 September 2023
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක් ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419 ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 September 2023
කොටිවලිගයේ එල්ලුණු රජවැඩකාරයා සිනමාවෙන් බැස යයි ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි. 19 September 2023
බංකොලොත් රටේ මූල්‍ය මධ්‍යස්ථාන විහිලු කතාවක් බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් (finance center) අරඹනවා යැයි කීම විහිලු කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
ප්‍රශ්න නැති තැනක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
වරාය නගරය ලබන 26 ලෝකයට හඳුන්වා දෙයි කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 September 2023
ලංකාව ගැන ඇමරිකාවේ දී වට මේස සාකච්ඡාවක් “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර දී සහභාගී විය. 19 September 2023
ලබන යල කන්නයේත් නියඟයක් ලබන යල කන්නයේදීත් බරපතල නියඟය සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවනූ ඇතැයි කාලගුණික අංශ අවධාරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 September 2023
ගැටුමකට මැදි වූ පොලිසියේ දෙදෙනා අත්අඩංගුවට තලාතුඔය ගුරුදෙනිය මාර්ගයේදී වෙළෙඳසලක් තුළ බීර පානය කරමින් සිටී දෙදෙනකුට අතින් පයින් හා සවලකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, තලාතුඔය පොලිසියෙන් රාජකාරි කරන සැරයන්වරයෙකු,කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි. 19 September 2023
’’එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ’’ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම නඩු දාන්නැයි ජනාධිපති කොමිෂන් සභාවෙන් නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට දැනමුතුකම් දීමට පැමිණෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රශ්න කළේය. 19 September 2023
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026