(ගයාන් සූරියආරච්චි )

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසි එකක් හා විසිතුන වයස්වල පසු වන හේනමුල්ල හා මෙත් සඳ සෙවණ ග්‍රෑම් පාස් ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමසනවලින් අනතුරුව එක් සැකකරුවෙකු මෙත් සඳ සෙවණට නිවාස සංකීර්ණය අසලදී  අයිස් මත්ද්‍රව්‍ය සමඟ   අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.