( ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව කටුපත මහවැවේ පවුලේ සියලු දෙනා සමග දියනෑමට ගිය පාසල් දරුවෙකු  දියේ ගිලී මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ඉලක්කට්ටුව පදිංචි හදපාන්ගොඩ ආරච්චිලාගේ දිනෙත් සත්සර නැමති 08 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

දිය නෑම සඳහා මවත් මවගේ නැගනිය සහ ඇගේ දරුවන් දෙදෙනෙකුත් තවත් අසල්වැසියෙකුත් සම්බන්ධ වී ඇතිබව පොලිස් විමරෂණ වලදී තහවුරුව ඇත.