(අංජුල මහික වීරරත්න)
ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඩීසල් මිල කර්මාන්ත කෙරෙහි අහිතකරව බලපාන අතර එය ආර්ථිකය බිඳ වැටීමට ද හේතුවක් බව කී මන්ත්‍රීවරයා අවම වශයෙන් ඩීසල් මිල හෝ අඩු කළ යුතු බව සඳහන් කළේය.
විදුලිය හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර ලාභ ලබන නිසා එහි ප්‍රතිලාභ ව්‍යවසාය වෙත ලබාදීම සුදුසු බව ද රණවක මහතා කීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී රණවක මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි භාවිතය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගත යුතු බැවින් අධික විදුලි බිල ඊට බාධා මතු කරන බව රණවක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කළුකඩකාරයෙක් . ඊලඟ සැරේ ජාතික ලැයිස්තුවට නම දාගන්න බලන් ඉන්නේ.
ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ... කියන ආණ්ඩුවේ උන්දැලා තමයි මෙහෙම මහජනතාව හූරාකමින් අධික ලාභ ලබමින් බිස්නස් කරන්නේ..., ලිට්රෝ එකත් මෙහෙම අධික ලාභ ලබමින් පාරිභෝගිකයාව හූරාකමින් ව්‍යාපාර කරමින් ඉන්නවා.
ඉන්ධන මිල අධික ලෙස වැඩි කිරීම තුළින් පරිභෝජනය අඩු කිරීම රජයේ බලාපොරොත්තුවයි. එමගින් තමන් බලශක්ති ප්‍රශ්නය විසඳූ බවට මහජනතාව මුලාවේ දමා ඇත...
ගල් අඟුරු බිස්නස් එකත් නරක නෑ කියන්නේ...!
රජය සියලු ව්‍යාපාර පෞද්ගලික කරණය කර නියාමනය පමණක්ම කළ යුතුයි.අනවශ්‍ය සේවකයන් නිසා පාඩු ලබන සහ දියුණු කළ නොහැකි ආයතන ගොඩ නගන්න පෞද්ගලික අංශයට හැකියාව තියනවා. ඒ හැර දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දිය යුතුමයි. වෘත්තීය සමිති මාෆියාව, ඉහල නිලධාරීන්ගේ නොහැකියාව සහ ගසාකෑම නිසා ඇදවැටුන ආයතනයක්.
ඔබතුමා ගල් අගුරුවලින් ගත්තා වගේද ?