(අංජුල මහික වීරරත්න)
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
2019 වසරේදී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකා ඩොලර් මිලියන 30කි. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමනාකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු කීපයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක හොඳයි, මොකද ආයේ පාර්ලිමේන්තු එන්න බැරිවුනොත් නේද?
මොකවත් එපා. සංචාරකයින් ගසාකෑම නවත්තන්න. ගයිඩ්, රියැදුරන් ජරාව විකුණන හෝටල් ඉවත්කර මිල ප්‍රදර්ශනය කර ප්‍රමිතියට කෑම බීම විකුණන කඩ කීපයක් ඇතිකරන්න. ඩොලර් මිලට නොවේ. තායිලන්තය මැලේසියාව උදාහරණ ලෙස ගන්න... දේශීය හෝ විදේශීය සංචාරකයින්ට සමාන මිලට උසස් තත්ත්වයට සේවය කරන්න ඕනෑ. ප්‍රධාන ප්‍රශ්නය වැසිකිළි පහසුව. අපාය නොව රුපියල් විස්සකට වගේ මිලට පිරිසිදුව පහසුව සලස්වන්න. ඒක මූලිකම අවශ්‍යතාව.
ඇමැතිතුමෝ කයිවාරු නොගහ වැසිකිළි ටිකක් හදලා දුන්නොත් ලොකු දෙයක්. ඒ කරලා ඉතින් ඔයත් කීයක් හරි හම්බ කරගන්න.
දියුණු කරන්න ගිහිල්ලා කප්පම් සීන් එකට යයිද දන්නේ නෑ...
අවුරුදු දහස් ගාණක් ඉස්සර මේ රටේ හිටපු වීර රජවරුන්ගේ නිර්මාණ තමයි මහ ලොකුවට සුද්දන්ට පෙන්නන්නේ. ඔබතුමාලා කරපු මොකුත් නැද්ද සුද්දන්ට තියා මේ රටේ මිනිස්සුන්ටවත් පෙන්නන්න. ඔය දේවල් එදා හැදුවේ නැත්නම් ඔබතුමාට ඇමැතිකමත් නෑ. ඔය ඩොලර් මිලියන තිහෙන් කීයක් ඕකට ඇත්තටම වියදම් කරයිද? ආසියානු සංවර්ධන බැංකුවේන් කප්පම් එහෙම ඉල්ලුවේ නෑ නේද ඇමැතිතුමෝ...? ඉක්මණට කරගන්න දෙයක් ආයේ ගසාකෑම් බැරිවෙයි ඡන්දෙන් පස්සේ...
දේශපාලනෙන් හොරාකාලා, බඩවඩා ගත්තු තවත් බලලෝභී බඩගෝස්තරවාදීන්... සාක්කුවලට හොඳ ගාණක් යයි වගේ...!
මට පෙනෙන විදිහට මේ බඩා... මේ සැරේ සීගිරිය කළු ගල්වලට විකුණන්න යන්නේ...!
ඉල්ලමක් පෑදිලා... කාට කාටත්... අත මිට සරුවෙන්නයි යන්නේ...
මේ නූතන කාශ්‍යපද?