
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ සහ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුවන ඇල්පිටිය,වල්ලඹගල, සුගතපාල මාවතේ පදිංචි කාලිංග නිහාල් සෝමරත්න නැමැති 68 හැවිරිදි තිදරු පියෙක් සහ ඔහුගේ මුණුබුරා වන. තිනූල ප්‍රනාන්දු (10),මිණිබිරිය වන සෙනුලි ප්‍රනාන්දු (07), යන දරුවන් දෙදෙනායි.
ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි මියගිය රියදුරුගේ බිරිඳ (61) ඔහුගේ දියණිය (35),යන දෙදෙනාද දැනට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දහට හැවිරිදි අනෙක් මිණිබිරිය, ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණ්ට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීල් පාරේ යන විදියට මෙහෙම වුනේ නැතිනම් තමා පුදුමේ. මිය ගිය අයට නිවන් සුව...!
ත්‍රී වීල් එකේ 6 දෙනෙක්ම ගිහින්!!!
අපේ රටේ හදිසි අනතුරු වැළැක්වීමට නිසි පියවරක් තවමත් නැහැ.. අහෝ රටකට ගිය කලක්...!